xmlns:og='http://ogp.me/ns#' Brookfield Zoo Gorilla Helps ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Wednesday, August 31, 2016

Brookfield Zoo Gorilla Helps








මීට අවුරුදු 20 කට එහා 1996 වසරේ අගෝස්තු 16 වෙනිදා ලෝකයෙම  අවධානය මොහොතකට එක සත්තු වත්තක් දිහාට යොමු උනා.

බින්ට් කියන්නෙ බ්‍රොක්ෆීල්ඞ් සත්තුවත්තේ හිටපු අවුරුදු අටක් වයස ගෑනු ගෝරිල්ලෙක්. ඉතිං එදා අගෝස්තු 16 වෙනිදා මේ සත්තුවත්ත බලන්න ආව අවුරුදු 3 ක් වයස වෙන පොඩි දරුවෙක්.

කුඩා දරුවන්ගේ සුපුරුදු දගකාර බව පෙන්වමින් මේ දරුවා කාටවත් නොපෙනෙන්න මේ ගෝරිල්ලො දාල හිටපු කොන්ක්‍රීට් බැම්මට නැගල  එබිලා බැලූව. ඒත් එක පාරටම කවුරුත් නොහිතපු විදිහට මේ ළමය මේ ගෝරිල්ලො හිටපු වලට වැටුන. මේ වල අඩි 18 ක් ගැඹුරුයි.

මේක බලාගෙන හිටපු බින්ට් හෙමින් හෙමින් මේ ළමය ලගට කිට්ටු උනා. ඒ එක්කම තවත් ගෝරිල්ලන් කට්ටියක් මේ ළමය ලගට කිට්ටු උනේ ගොරවමින්. හැබැයි එකවරම ක්‍රියාත්මක උනු බින්ටි අර කිට්ටුවෙන්න හදපු ගෝරිල්ලන්ට දරුණු විදියට ගොරලවල  එතනින් එලවල දැම්මා. මේක බලාගෙන ඉන්නව මිසක් එකවරම අනිත් මිනිස්සුන්ට කරන්න කිසිම දෙයක් ඒ අවස්ථාවේ තිබුනේ නැහැ. ඒ වගේම මූන දරුණු විදියට තුවාල වෙලා මේ වෙනකොට මේ ළමයට සිහිය තිබිලත් නැහැ.

ඊට පස්සේ මේ ලමයව තමන්ගෙ ළමයෙක් ලගට ගන්නව වගේ බින්ට් තමන්ගෙ දකුණු අතින් අරගෙන පරිස්සමෙන් කොටයක් උඩට ගිහින් හෙමින් පිටිපස්සට තට්ටු කරල  තියනව. මේ ලමයව ටිකක් වෙලා අරගෙන ඉදල  ටික වෙලාවක් කල්පනා කරල. පස්සෙ බින්ට් කරපු දේට එතන හිටපු මිනිස්සුන්ට කතා කරගන්නවත් බැරි උනාලූ.

බින්ට් අර ලමයව පරිස්සමෙන් අරගෙන ගිහින් තමන්ගෙ කූඩුවෙ පිටවීම තියන තැනට. මේ පිටවීම  තිබිල  තියෙන්නෙ බින්ටි ලමයව අරගෙන තට්ටු කරපු තැන ඉදන් අඩි 56 ක් එහාට වෙන්න. බින්ට් ළමයවත් අරගෙන  පිටවීමේ දොරටුව ලගට ගිහින් එතන හිටපු ආරක්ෂකයන්ගෙ අතටම මේ පොඩි ලමයව බාර දීල.

අද වෙනකොට ඒ පොඩි ළමයා දැන් ලොකු තරුණයෙක්.





www.lifemagazine.lk




Reactions:

0 comments:

Post a Comment