xmlns:og='http://ogp.me/ns#' Happiness Love Affair ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Monday, September 5, 2016

Happiness Love Affair





















ආදරය විවාහය කියන්නේ ජීවිතේ සුන්දර කඩ ඉමක්. හැබැයි ඒ ආදරය කියන සුන්දර දේ විවාහය වෙනකම් පවත්වගන යන්න ගොඩක් අය අසමත් වෙනවා. විවාහය වෙනකම් පවත්වගෙන ගියත් බොහෝ විට අසහනයකින් ජීවත් වෙලා අවසානෙදි දික්කසාද වලින් කෙළවර වෙන සබදතා තමයි අද වැඩි පුරම අහන්න දකින්න ලැබෙන්නේ.

මේ අසහනයත් එක්ක අනියම් සබදතා, දිවිතොර කර ගැනීම් ආදී දේවල් ගැන පුවත් තමයි දිනපතා අහන්න වෙන්නේ. බොහෝ විට දික්කසාද වූවන්ගෙන් ඒ සමිබන්ධයෙන් නිවරදිව තොරතුරු සොයා බැලූවොත් ඊට අදාල හේතුව ගොඩක් විට ඉතා සුළු සිදුවීමක්. එකෙනෙකා කෙරේ නිසි අවබෝධයක් නොමැති කමින් උන සිදු වීමක්. හැබැයි අවසාන ප්‍රථිඵලය නම් පවුල් ජීවිතයත් දූ දරුවන්ගේ ජීවිතත් කණපිට පෙරළීමක්. විවාහයට පෙර ආදර සමිබන්ධතාවයක් දෙදෙනෙකුට අඩ දබර වලින් තොරව පවත්වගන යෑමට නොහැකිනම් විවාහයෙන් පසුව සාර්ථක සමිබන්ධතාවයක් පැවැත්විය හැකිද කියන එක විශාල ප්‍රශ්නයක්. ඒ නිසා ඔබ පෙමිවතුන් අවධියේම සබදතාවයක පැවැත්ම ගැන නිසි අවබෝධයක් ලැබීම ඉතා වැදගත්.

පළමුව ඔබ තේරුමි ගත යුතුයි ආදරයක් ඇති වීමේ මුල් අවධිය. ගොඩක් අවස්ථාවල පිරිමියකු කාන්තාවකගෙන් කැමැත්ත ලබාගනනේ ආදර සමිබන්ධයක් පටන්ගන්නේ. මුල් අවධියේ ඇත්තටම ආදරය ඉතාමත් සුන්දර දෙයක් වෙනවා. ඒක ආදරයකට පමණක් සීමා වුන දෙයක් නෙමේ. මුල් අවධියේ සෑම දෙයකම සුන්දර පැත්තම වැඩි පුර පෙනෙන එක ඒක ලෝකේ තියන ඕනෙම දෙයකට පොදු කාරණාවක්.
  
මුල් අවධියේ දෙදෙනාම තමන්ගේ අඩුපාඩුකමි බොහෝ විට අනෙකාට     පෙන්වන්නේ නෑ. දෙදෙනාගේ ආදරය නිසාම වැරදි අඩු පාඩු උනත් ඉවසන්න තරමි මුල් කාලීනව ඕනෙම කෙනෙක් පෙළඹෙනවා. ඒ වගේම සබදතාවයක් ඇති වුන මුල් කාල සීමාව කියන්නේ  දිගින් දිගටම ඇදෙන දුරකථන ඇමතුම්, මැසේජ් ආදි විවිධ මාධ්‍ය හරහා වෙන පොඩි සිදුවීමක් පවා දෙදෙනාටම විශාල සතුටක් ගෙනදෙනවා. 

තමන්ගේ දෛනික වැඩ කටයුතු ගැන උනත් වැඩි සැලකිල්ලක් නොදක්වාම බොහෝ අය තම සබදතාවට ඒ කාලේ මුල් තැන දෙන්නෙත් මුල් අවධියේ මේ යමකට ඇතිවෙන දැඩි ඇල්ම හා එයින් ලැබෙන සතුට නිසාමයි. සබදතාවක ගැටළු මතු වෙන්න ගන්නේ මුල් අවධියේ තිබුන සුන්දරත්වය ටිකක් හීන වෙලා කුඩා දේවලින් පවා මුල් අවධියේ ලැබුන සතුට කාලයක් යද්දි විදින්න බැරි උනහමයි. 

මෙතනදි විශේෂයෙන්ම පිරිමි හා ගැහැණු අතර වෙනස ඔබ අවබෝධ කරගන්න ඕනේ. කාන්තාවන් ස්භාවයෙන්ම පිරිමින්ට වඩා සංවේදියි. ඒක නිසා ඔවුන් තමන්ගේ උපන්දිනය, තමන් පෙම්වතුන් වු දිනය හා විවාහ වුනාට පසුව විවාහ සංවත්සර ආදී දිනයන් ගැන විශේෂයක්  දක්වනවා. එවැනි විශේෂ දිනයන් වලට කුඩා හෝ විශේෂත්වයක් ඔවුන් පිරිමියාගෙන් බලාපොරොත්තු වෙනවා. පිරිමියෙකු ලෙස ඔබට හැකි විය යුතුයි ඔබේ ආදරවන්තියගේ එවැනි හැගීමි තේරුමි ගන්න. 

සබදතාවක මුලික පදනම හා කල්පැවැත්ම තීරණ වනනේ විශ්වාසය මත. දෙදෙනා අතර විශ්වාස ගොඩ නැගෙන්නනමි නිතර මුණ ගැසීම්, හමු වීම් නොවුනත් සෑම දිනකම යම් කාලයක් දුරකථන ඇමතුමකට, කෙටි පණිවිඩ කිහිපයකට හෝ ඉඩක් දීම අවශ්‍යමයි. විශේෂයෙන් කාන්තාවන් තමන්ගේ සහකරුගෙන් සමිබදතාවක මුල් අවධියේ තිබු තරම්ම දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ වැනි සොයා බැලම් පසු කාලීනවත් ඒ අයුරින්ම බලාපොරොත්තු වෙනවා. 

නමුත් ඔබ කාන්තාවක්නම් ඔබේ පෙමිවතාට ඔහුගේ දෛනික වැඩ කටයුතුත් එක්ක පෙර මෙන්ම ඔබ වෙනුවෙන් දිනයේ සෑම අවස්ථාවක්ම යොමු කිරීමට නොහැකි බව අවබෝධ කරගත යුතුවෙනවා. සමහරවිිටක ඔබට දුරකථන ඇමතුමක් දීමට නොහැකි අවස්ථා තියෙන්න පුළුවන්. රාජකාරී කටයුත්තක නියෙලෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ අවස්ථා ගැන නොසිතා ඔබ නිතරම ඔබ ගැන පෙර මෙන් සොයා නොබලන බවට මැසවිලි නගන්නියකුමි එයත් සබදතාවයක් බිද වැටීමට හේතුවක්.

පිරිමි ඔබ වැඩ කටයුතුත් එක්ක දිනයේ නිශ්චිත කාලයක් ඔබේ පෙමිවතිය වෙනුවෙන් සවන් දීමට, ඈ හා කථා බහ කිරීමට යොදා ගැනීමට තරමි දක්ෂ විය යුතුයි. අනියමි සමිබන්ධතා වැනි අනුවණ ක්‍රියා වලට කාන්තාවන් යොමු වීමටත් ඔබ ඇය වෙනුවෙන් යම් කාලයක් වෙන් නොකිරීම හේතුවක් වෙන්න පුළුවන්. විවාහයෙන් පසුව වුව මේ තත්වය දෙදෙනාම තේරුමි ගත යුතුයි. දෛනික වැඩත් සමග දෙදෙනා අදහස් හුවමාරු කර ගැනීමට හා එකිනෙකාගේ අදහස් වලට සවන් දීමට කාලයක් යොදා ගත යුතු වෙනවා.

මාන්නය අඩු කර ගැනීම ආදර සම්බන්ධතාවයකට පමණක් නොවේ ඕනෑම සබදතාවයකදි වැදගත්. නැතිනම් ඒ සබදතාවය කුමක් වුවත් එහි පැවැත්ම කෙටි කාලීන වෙනවා. දෙදෙනාගෙන් කවුරු අතින් වරදක් උනත් තමන්ගේ වැරුද්ද තමන් පිළිගත යුතු වෙනවා. අනෙක තමයි දෙදෙනාගෙන් එක් අයකුට තරහ ගිය අවස්ථාවකදි එක් අයෙක් ඉවසීමට තරමි පුරුද්දක් ඇති කරගත යුතුයි.

ඒ වගේම අණ කිරීම් කිසිවිටකත් නොකළ යුතුයි. ඔබ සමහර විට පිරිමියෙකුනම් ඔබ විවිධ ඇඳුමි ගැන ඇයට තහනම් පැනවිය හැකියි. නමුත් එවැනි අවස්ථාවල ඔබ කල්පනාකාරී විය යුතුයි එවැනි ඔබට නුසුදුසුයි හැගෙන දේ ඇත්නම් ඒවා ඇයට කරුණාවෙන් කියා දීමටත් ඇගේ නිවරදි තේරීම්වලදි ඇයව අගය කිරීමටත් වග බලා ගැනීමට. ඔබ නිවරදිි දේදී ඇයව අගය නොකර වැරදි දේදි දොස් පවරනවනම් වරද ඔබ අතෙයි.

කාන්තාවන් අතින් වන ලොකුම දුර්වලකම තමයි තම පෙම්වතාගේ හෝ සැමියාගේ යහළුවන් ඇසුරට, ඔවුන් වෙනුවෙන් කාලය යෙදවීමට විවිධ තහංචි පැනවීම. මේකත් දෙදෙනා අතර ගැටළු ඇති වීමට හේතුවක්. තම පෙම්වතා හෝ සැමියා ඇසුරුකරන්නේ වැරදි මිතුරන්වනම් ඔබ බුද්ධිමත්ව ඉක්මන් නොවී ඒ බව ඔහුට පෙන්වා දිමට තරම් කල්පනාකාරී විය යුතුවෙනවා. නමුත් ඔබ නිකරුනේ මිතුරන් ඇසුරට තහංචි දමනවනම් ඔහුට ඔබව වධයක් වෙන එක වළක්වන්න බෑ.

සමාජය ගැන අවබෝධයක් අපි හැමෝටම තිබිය යුතුවෙනවා. අපි ඒ අවබෝධය ලබා ගත යුත්තේ කොහෙන්ද කුමන මාර්ගයෙන්ද කියන එකත් වැදගත්. අසාර්ථක සබදතා අවසානයේ දික්කසාද, දිවි තොරගැනීම්, මිනීමැරමි වගේ දෙවල් දක්වා පවා  හේතු වෙන්නේ නිවැරදි සමාජ දැනුමෙන් තොර වීම නිසයි. 

එම නිසා පොත් පත් වැනි දේ හෝ වෙනත් උපදේශන සේවා ඔස්සේ හෝ සමාජය ගැන, සබදතා ගැන නිවරදිව යම් තාක් හෝ දැනුවත් වීමත් සාර්ථක සමිබදතාවයකට විශාල රුකුලක්.

මේ ලෝකේ සියල්ලන්ම සර්වසමිපුර්ණ වෙන්නෙ නෑ. කොතරම් දුරකට ඔබට ඔබේ සහකරු සහකාරිය ගැලපුනත් අඩු පාඩුකමි ඕනෑම කෙනෙක්ගේ තියෙන්න පුළුවන්. අණ කිරීමිවලින් කරන්න බැරි ගොඩක් දේවල් ආදරනීයව පැවසීමෙන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අවස්ථාවක් දීමෙන් බොහෝ වැරදි නිවැරදි කරගත හැකියි.

නමුත් දිගින් දිගටම ප්‍රේමකරන අවධියේම තියෙන්නේ නොගැලපීම්, නම් අඩ දබර නම් ඒවැනි සබදතා විවාහයක් තෙක් දුර දිග ගෙන යා යුතු වන්නේ නෑ. කල්පනාකාරීව එවැනි සබදතාවලින් මිදීමම තමයි ඒ අවස්ථාවන්ට සුදුසුම දේ වෙන්නේ.

මේ ආකාරයට උත්සහයක් තියෙනවනම් ගැලපෙන සහකරුවෙක් එක්ක ආදරයක් කරදරයක් නොවී යහපත්ව ගත කරන්න ඔබටත් පුළුවන්. දෙදෙනාගෙම ඒ සදහා තියන උනන්දුව තමයි වැදගත්ම කාරණාව වෙන්නේ.

- ලයිෆ් මාසික සගරාවෙන් -





Reactions:

0 comments:

Post a Comment