xmlns:og='http://ogp.me/ns#' Love and Marriage ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Saturday, September 3, 2016

Love and Marriage








මේ කතාවනම් හැමෝම වගේ අහලා තියෙන කතාවක්. කතාව අහලා තිබුනට කතාව ගැන එතනින් එහාට හිතලා තියෙනවද කියලා හොදට හිතලා බලන්න.

දවසක්  ගුරුවරයෙක්ගෙන් සිසුවෙක් අහනවා ආදරයෙයි විවාහයෙයි වෙනස . ගුරුවරයා ළමයට කියනවා ඔබ යන්න ඉරිගු හේනකට ගිහින් . තියෙන ලොකුම ඉරිගු කරල අරගෙන එන්න. හැබැයි ඔබ හේනට ගියාට පස්සේ ආපස්සට හැරෙන්න බෑ. ඉස්සරහට විතරයි යන්න පුලූවන් කියලා.

ඉතිං මේ ළමයා ඉරිගු හේනට යනවා. මුලින් ඔහුට තරමක් ලොකු ඉරුගු කරල් හම්බ වෙනවා. තව ටික දුරක්  යද්දි ඊටත් වඩා විශාල කරල් හම්බ වෙනවා. ලමයා කල්පනා කරනවා තව ඉස්සරදි මීටත් වඩා ලොකු කරල් හම්බ වෙයි කියලා. ඉතිං ළමයා ඉස්සරහටම යනවා. තවත් යද්දි ටිකෙන් ටික ලොකු කරල් වෙනුවට පොඩි කරල් හම්බ වෙනවා. ළමයා තවත් ඉස්සරහට යනවා කලින් වගේ ලොකු කරල් ඉස්සරහවත්  ඇති කියලා. තවත් ඉස්සරහට යද්දි බඩ ඉරිගු වගාව ඉවරවෙනවා. 
දැන් ආපහු හැරෙන්නත් බෑ ළමයා හිස් අතින්ම ගුරුවරයා ළගට ඇවිත් සිද්ධ වෙච්ච දේ කියනවා.

ගුරුවරා කියනවා *  ආදරයත් ඔය වගේමයි. මුලින් කොච්චර ලොකු බඩ ඉරිගු කරල් හම්බ උනත් තවත් මීට වඩා ලොකු කරල් ඇති කියලා හිතලා අපි ඉස්සරහට යනවා වගේම ආදරේදිත් මීට වඩා හොද අය ඇති කියලා අපි හිටපු හොද පුද්ගලයින්වත් අතහැරලා ඉස්සරහට යන වෙලාවල් තියෙනවා. හැබැයි අන්තිමට බලද්දි අපි තිබුනු හොද පුද්ගලයොත් අතහැරන් අන්තිමට පසු තැවෙනවා.

ඊ ළගට ළමයා අහනවා එතකොට විවාහය කියන්නේ මොකක්ද , ගුරුවයා කියනවා නැවතත් අර ඉරිගු හේනටම යන්න ගිහින් ලොකුම කරල ගෙන්න. හැබැයි කලින් වගේමයි ආපස්ස හැරෙන්න බෑ.

ළමයා  යනවා.  ටික දුරක් ගිහින් කලින් උනා වගේ හිස්  අතින් එන්න බැරි නිසා කලින්  පාඩමත් හිතට අරන් තරමක් ලොකු ඉරිගු කරලක් දැක්ක ගමන් ඒක කඩන් ගුරුවරයා ළගට එනවා.

ඔබ ඉස්සෙල්ලා වෙච්ච වැරැද්ද හින්දා පාඩමක් ඉගෙනගෙන හම්බෙච්ච ලොකු කරල් වලින් හොද කරල අරන් ආවෙ ඔබට මුලින් වෙච්ච විදිහට හොදම දේ හොයන්න ඕනේ කමක් නැති නිසා. හම්බුන දෙයින් හොද එකක් තෝර ගන්න ඔබ කල්පනාකාරීවුනේ ඒකයි. ඕක තමයි * විවාහය * කියන්නේ.

හොද දේවල් හොයල හොයල හෙම්බත් වෙලා තමන් ට හොදමදේ මගහැරුනා කියලා දැන ගත්තට පස්සෙ හොදමදේ නොවේ තමාට ගැලපෙන දේවල් වලින් හොදම දෙයක් තෝර ගන්න එක තමා විවාහය කියන්නේ කියලා.

ගුරුවරයගේ පිලිතුර මේකයි. ඇත්තටම වෙන්නෙත් මේකයි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ විවාහ සාර්ථකද ? ටිකක් හිතලා බලන්න අපිට එදිනෙදා ජීවිතේදි අහන්න වෙන විවාහ සම්බන්ධ ගැටුම් , දික්කසාද ගැන. එහෙනම් කතාව ලස්සන උනාට මේ තෝර ගැනීමේ ගැටලූවක් තියෙනවා.

30 ලං වෙනකොට එහෙම නැත්නම් 30 පනිනකොට *  බැන්දේ නැද්ද? *  බදින් නැද්ද * කියන එකම  කාරණාව යාලූවන්ගෙන්,  නෑයන්ගෙන්, අහල පහල උදවියගෙන්  හැමදාම අහන්න වෙනකොට ගොඩක් පුදගලයෝ මානසිකව ඔය කාරණාවෙදි ඇදන් වැටෙනවා. ඊට පස්සේ හරියට අර බඩ ඉරිගු කරලක් නැති වෙයි කියලා බයට දකින කරලක් දෙවනි පාර කඩා ගන්න ළමයා වගේම කාව හරි කසාද බදිනවා.

දැන් ඔය පරක්කු වැඩි වෙයි කියලා හිතලා කඩාගෙන එන ඉරිගු කරල නරක් උනු එකක්නම් අන්තිමට මොකද වෙන්නේ ?  ජීවිතකාලෙම නරක් උනු ඉරිගු කරලක් එක්ක ඉන්න තමයි වෙන්නේ වගේම, බොහොමයක් දෙනාට වෙන්නෙත් ඕකමයි.

බැන්දේ නැද්ද ? බදින් නැද්ද? කියලා අහන පුද්ගලයෝ ඔබෙන් ප්‍රශ්නයක් අහනවා ඊට පස්සේ ඒ පුද්ගලයෝ ඒ පුද්ගලයින්ගේ ජීවිත වලට යනවා. සමාජෙන් එන බලපෑම හින්දා ඔයා නොගැලපෙන කසාදයක් කරගත්තොත් ජීවිත කාලෙම ඒ පුද්ගලයා එක්ක ජීවත් වෙන්න වෙන්නේ ඔයාටයි.  හැම දාම ඔයාගේ ඇදේ අනෙක් පැත්තේ ඉන්නේ ඔයා අකමැතිම පුද්ගලයෙක් උනොත් * බදින් නැද්ද ? * කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න වෙනවට වඩා ඒක කොච්චර මානසික පීඩාවක් වෙයිද?

ඉතිං බඩඉරිගු වගාව ඉවරවෙන්න කලින් ඉරිගු කරලක් කඩා ගත්තට කමක් නෑ. අඩුගානේ ඒක නරක් නොවුනු එකක්වත්ද කියලා  හොයලා බලලා කඩා ගන්න. ඒ වගේම මේ ලෝකේ සීයට සීයක් ගැලපෙන මිනිස්සු නෑ. ඒත් අඩුගානේ තමන් එක්ක හැමදාම ගහමරා ගන් නැතිව ජීවත්වෙන්න පුලූවන් ගැලපෙන කාරණා ටිකක්වත් තියෙනවද කියලා හොයලා බලලා කෙනෙක් ලං කරගනිද්දි ජීවිතේට ලං කරගන්න.

ඉතිං අන්තිමට කියන්න තියෙන්නේ, බදින්න පරක්කු උනා කියලා මනුස්සයෙක් මැරෙන් නෑ. හැබැයි වැරදි මනුස්සයා කසාද බදින්න උනොත් වෙන්නේ ජීවිත කාලෙම මැරී මැරි ජීවත් වෙන්න.

* ලයිෆ් මාසික සගරාවෙන් *



Reactions:

1 comments:

ස්තුති හොද පාඩමක්

Post a Comment