xmlns:og='http://ogp.me/ns#' බඩේ අමාරුවට බේත් ගන්න ආපු ඥාති ගෙදරක හිටපු 15 හැවිරිදි දැරිය මාස 05 ක කළලයක් බිහි කරයි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Tuesday, August 22, 2017

බඩේ අමාරුවට බේත් ගන්න ආපු ඥාති ගෙදරක හිටපු 15 හැවිරිදි දැරිය මාස 05 ක කළලයක් බිහි කරයි





බඩේ අමාරුවකට ප්‍රතිකාර ගැනීමට සිය මව්පියන් සමග රෝහලට ආ 15 හැවිරිදි දැරියක් මාස 05 ක කළලයක් බිහි කර තිබෙනවා.

අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි දැරිය මව්පියන් සමඟ ඥාතී නිවසකට පැමිණ තිබෙන අවස්ථාවක අධික බඩේ අමාරුවක් වැළදී තිබෙනවා. පසුව බඩේ අමාරුවට ප්‍රතිකාර ගැනීමට උඩුදුම්බර රෝහලට ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරයෙකු කිසියම් ඖෂධයක් ලබා දී ඇත.

ඖෂධ වර්ගය පානය කිරීමෙන් පසුව දැරිය අසාධ්‍ය තත්වයට පත්ව ඇති අතර අනතුරුව මාස 5ක පිරිමි කළලයක් ප්‍රසුත කර තිබෙනවා.

එම අවස්ථාවේ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි හෙදියක් හා රෝහල් කනිෂ්ඨ සේවිකාවක් එම බිළිඳු කළලය රෝහල් පරිශ්‍රයේ වල දමා තිබෙන අතර අසාධ්‍ය තත්වයේ සිටි දැරිය මහනුවර රෝහලට මාරු කර යවා තිබෙනවා. හනුවර රෝහලේදී දැරිය පරික්ෂා කළ එහි වෛද්‍යවරු දැරියට ගබ්සාවක් සිදුව ඇති බව තේරුම් ගෙන ඒ ගැන මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට දැනුම් දුන් බව සඳහන්.

උඩුදුම්බර පොලිසියයට සිද්ධිය සැලවීමත් සමග ඒ පිලිබදව විමර්ෂන කටයුතු ආර්භ කර උඩුදුම්බර රෝහල් භූමියේ වල දැමූ කළලයක් තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ඊයේ (21) ගොඩ ගෙන ඇත.

කළලයක් බිහිකල දැරිය මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන අතර කළලය රෝහල් බිමේ වල දැමීම ගැන එම අදාළ වෛද්‍යවරයාගෙන් හා සිද්ධියට සම්බන්ධ, කනිෂ්ඨ සේවිකාව යන අයගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.



Reactions:

0 comments:

Post a Comment