xmlns:og='http://ogp.me/ns#' අතුරුදහන්වුනු අනුරාධපුර 15 හැවිරිදි සිසුවිය 26 හැවිරිදි පුද්ගලයකු සමග අඹුසැමියන් ලෙස ඉද්දි හමුවුනු හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Sunday, August 20, 2017

අතුරුදහන්වුනු අනුරාධපුර 15 හැවිරිදි සිසුවිය 26 හැවිරිදි පුද්ගලයකු සමග අඹුසැමියන් ලෙස ඉද්දි හමුවුනු හැටි








ඉකුත් 02 වැනිදා සවස 5.45ට පමණ නිවෙසේ සිට මීටර් හත්සිය පනහක් පමණ දුරින් පිහිටි පෞද්ගලික උපකාරක පන්තියට සිසුවිය උපකාරක පන්තියට ගොස් නොමැති බව දැන ගන්නේ එම පන්තියේ පැවැත්වෙන නිවෙසේ කාන්තාවක් විසින් දුරකතන ඇමතුමක් ලබා ගෙන සිසුවියගේ මවගෙන් ඒ ගැන විමසන විටයි.

පසුව කලබලයට පත්ව අස්ලවාසීන්ද සමග ඇය සොයද්දි ඇගේ පාපැදිය නිවෙසට මඳක් දුරින් මාර්ගයේ තිබී හමුවී තිබෙනවා.

"දුව පසුගිය 04 වැනිදා සවස අපේ ගෙදර ඉඳලා මීටර් හත්සිය පනහක් පමණ දුරින් පිහිටි ගෙදරක අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන පැවැත්වෙන ගණිත පන්තියට බසියිකලයෙන් ගියා. ඒ පන්තිය තිබෙන්නේ ගම ඇතුළෙමයි. සවස 6.00ට පන්තිය පටන් ගන්න නිසා හැමදාම දුව සවස 5.45ට පමණ ගෙදරින් පිටවෙලා යනවා. එදත් සවස 5.45ට පමණ දුව ගෙදරින් පිටවෙලා ගියේ. එයා එහෙම නැතිව ඊට පෙර කල් ඇතිව කවදාවත් යන්නෙ නෑ. දුව හැමදාම හරියටම ඒ වෙලාවට යන්නෙ සවස 6.00 වන විට පන්තියට යන්න බලාගෙන. ඊට පසු පන්තිය ඇරෙන කොට රෑ 8.30 පමණ වෙනවා.

එම නිසා මම හැමදාම රෑට පන්තිය ඇරුණම දුවව එක්ක ගෙන එන්න සැමියාව යවනවා. දුව පන්තියට ඇතුළත් කර මාසයකුත් සති දෙකයි ගත වෙලා තිබුණේ. මට දරුවෝ මහ ගොඩක් නෑ. එක දරුවයි ඉන්නේ. මට එදා සවස 6.20ට පමණ උපකාරක පන්තිය පවත්වන අය කෝල් එකක් ගෙන දුව පන්තියට නොපැමිණි බව කිව්වා. ඊට පසු මම සැමියාට කිව්වා දුව පන්තියට ගිහින් නෑ කියලා පණිවුඩයක් ආවා ඉක්මනට ගිහින් සොයා බලන්න කියලා. මමත් ඒ සමඟ ගියා. නමුත් දුව සොයා ගන්න නොහැකි වුණා.“

යනුවෙන් මව පවසා තිබුනි.

පසුව සිසුවිය අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇගේ මව විසින් අනුරාධපුර පොලිසියට කළ පැමිණිල්ලක්‌ මත පොලිසිය අධිකරණ නියෝග මත දුරකථන සමාගමකින් ලබාගත් දුරකථන විශ්ලේෂණ වාර්තාවක්‌ මත සිදුකළ විමර්ශනවලට අනුව අනාවරණය කර ගත් තොරතුරු ඔස්‌සේ සිසුවිය සොයාගෙන තිබේ.

එහදී හම්බෙගෙදර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ඇගෙපෙම්වතාගේ නිවසින් සිසුවිය හමුව ඇති අතර ඇගේ පෙම්වතා හා ඔහුගේ මව සහ සහෝදරියක්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සිසුවිය, ඇගේ පෙම්වතා, ඔහුගේ මව සහ සහෝදරිය පොලිසිය විසින් පෙරේදා (19 දා) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙම්වතා සහ ඔහුගේ මව මේ මස 25 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර ඇති අතර උසස්‌ අධ්‍යාපනය ලබන සැකකරුගේ සහෝදරියක වන විසිහත් හැවිරිදි තරුණිය රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක්‌ මත මුදාහරින ලෙසට නියෝග කොට ඇත.

මේ අතර අපයෝජනයට ලක්‌වූ සිසුවිය පරිවාස හා ළමාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ අනුරාධපුර සාලියපුර පිහිටි කාන්තා ළමා රැඳවුම් මධ්‍යස්‌ථානයේ රඳවා තැබීමට විනිසුරුවරයා විසින් නියෝග කොට ඇත.


Reactions:

0 comments:

Post a Comment