xmlns:og='http://ogp.me/ns#' අනියම් බිරිද නිසා බිරිය හා කුඩා දරුවන් තිදෙනා නිවෙසේ සිරකර ගිනි තැබු අනුරාධපුර ත්‍රී විල් රියදුරා ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Thursday, August 31, 2017

අනියම් බිරිද නිසා බිරිය හා කුඩා දරුවන් තිදෙනා නිවෙසේ සිරකර ගිනි තැබු අනුරාධපුර ත්‍රී විල් රියදුරා




බිරිය හා කුඩා දරුවන් තිදෙනා නිවෙසේ කාමරයක සිරකර නිවසට ගිනි තැබු සැමියකු පොලිසිය  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර - විජයපුර චූලනී මාවතේ පදිංචි ත්‍රිරෝද රථ රියැදුරකු වන සැකකරු කලක පටන් කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වා අැති අතර ඒ හේතුවෙන් නීත්‍යනුකූල බිරිය සමඟ දිනපතා අඬදබර කරගෙන ඇයට වද හිංසා පමුණුවන බවද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරු පසුගිය 28 වැනිදා රාත්‍රියේ බීමතින් නිවෙසට පැමිණ බිරිඳට පහරදී වයස අවුරුදු නවයක්, වයස අවුරුදු හතරක් හා මාස 18ක් වන අත දරුවාටත් අමානුෂික ලෙස පහරදී නිවෙසේ ‍දොරගුළු දමා නිවෙසට ගිනිතබා පලා ගොස් තිබෙනවා.

ගින්නත් සමඟ සැකකරුගේ බිරිය හා දරුවන් නිවෙසේ සිර වී විලාප තැබීම නිසා අසල්වාසීන්ට එම හඬ ඇසී එහි පැමිණ නිවෙසේ ‍දොරගුළු කඩා සියලුම දෙනා  ඉවතට ගෙන තිබෙනවා.

පසුව අනියම් බිරිද ෙග් නිවස තුල සැගව සිටියදී අත්අඩංගුවට ගත් 42 හැවිරිදි සැකකරු පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබෙන්නේ නිවෙසට ගොස් දුම්වැටියක් දල්වා එහි ගිනිකූර කාමරයට විසිකළ අවස්ථාවේ කාමරයේ තිබූ රෙදිපිළිවලට ගිනි ඇවිළෙන්නට ඇති බව හා දරුවන් හෝ බිරිය මරා දැමීමට තමන් එවැනි ක්‍රියාවක් සිදුනොකළ බවයි.  නිවෙසේ කිසිවකුටත් පහර නොදුන් බවත් ඔහු වැඩිදුරටත් පොලිසියට පවසා තිබුනි.

ලැබුනු සාක්ෂි මත ගිනි තබා මනුෂ්‍ය ඝාතන සිදු කිරීමට උත්සහ කිරීම හා නිවෙසට, දේපළවලට අනර්ථයක් සිදුකිරීම යන චෝදනාව මත සැකකරු ඊයේ (30දා) දහවල් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.




Reactions:

0 comments:

Post a Comment