xmlns:og='http://ogp.me/ns#' කිඹුලා අත අරින් නැතිවම අල්ලන් ඉද්දි යාළුවෝ ගොඩට ඇදන් ආපු කැකිරාවේ දිනේෂ්ට උනු දේ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Sunday, August 27, 2017

කිඹුලා අත අරින් නැතිවම අල්ලන් ඉද්දි යාළුවෝ ගොඩට ඇදන් ආපු කැකිරාවේ දිනේෂ්ට උනු දේ






ගඟ මැදදී කිඹුලකුගේ ග්‍රහණයට හසුවූ තරුණයෙක් දිවි බේරාගත් පුවතක් කන්තලේ මූලික රෝහලෙන් වාර්තාවනවා. ඒ් 30 හැවිරිදි පී. ජී. දිනේෂ් මධුශංක නම් කැකිරාව විජිතපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුයි.

කිඹුල් ප්‍රහාරයට ලක්ව ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටියදී ඔහු අරුම පුදුම අාකාරයට දිවි රැක ගන අැත්ෙත්  මිතුරන් දෙදෙනකුගේ උදවු මතයි. 

බිහිසුනු අවස්තාව ගැන ඔහු කියා තිබුනා

"24 දා උදේ මමයි යාළුවෝ දෙන්නයි සන්තනිලංකා වැලි තොටුපොළට ගියා පුරුදු රස්සාවට වැලි ගොඩදාන්න. මහවැලි පාලම ගලවලා නිසා අපි ගියේ සමඟිපුර ගම හරහා ගොස් මහවැලි ගඟෙන් එගොඩ වෙන්න. ගඟ මැදට යනකොට මගේ වම් කකුලේ කලවා හරියෙන් මොකෙක් හරි සතෙක් අල්ලා ගන්නවා වගේ දැනුණා. මම දැඟලුවත් හරි ගියේ නෑ. පස්සේ කෑ ගැහැව්වා. යාළුවෝ දෙන්නා ඇවිත් මාව ගොඩට ඇද්දා. අපි දැනගත්තා කිඹුලෙක් කියලා.

අපි ජීවිතේ එපා කියලා කෑගහගෙනම යාළුවෝ දෙන්නා මාව ගොඩට අදින්න ගත්තා. කිඹුලා ආපස්සට අදිනවා. කොහොම හරි මගේ යාළුවෝ දෙන්නට පින් සිද්ධ වෙන්න ඔවුන් මාව අතහරින්නේම නැතුව ඇදගෙනම මෙගොඩට ආවා. දණහිස ගාවට විතර ගොඩට එද්දී කිඹුලා කකුල අතහැරලා ගඟ මැදට ගියා.

කන්තලේ හා වත්තේගම ප්‍රදේශවල පදිංචි ඒ යාළුවෝ දෙන්නට බුදුබව අත් වෙන්න ඕන ඒ තරම් බියකරු අවස්ථාවක මාව අත් නොහැර බේරාගැනීම ගැන".

ඔහුගේ වම් කකුලේ කිඹුල් දත් පහරවල් 4ක් පමණ ඇති අතර මේ වන විට ඔහු කන්තලේ මූලික රෝහලේ 7 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් පසු වන බවත් සදහන්.

ඔහුව හැරනොයා බිහිසුනු අව්සථාවෙත් ලග සිටි මිතුරන් නිසාම තරුණයාගේ දිවි බේරී තිබුනි.




Reactions:

0 comments:

Post a Comment