xmlns:og='http://ogp.me/ns#' තංගල්ලේ ඥාති පුතා දඹුල්ලට ගෙන්වගෙන එක් දරු මව කල අමුතු සෙල්ලම පොලිසියෙන් නතර උනු හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Sunday, August 20, 2017

තංගල්ලේ ඥාති පුතා දඹුල්ලට ගෙන්වගෙන එක් දරු මව කල අමුතු සෙල්ලම පොලිසියෙන් නතර උනු හැටි




15 වියැති පාසැල් සිසුවෙකුත් යොදාගෙන සංවිධානාත්මක ලෙස සොරකම් සිදුකරන කණ්ඩායමක සාමාජිකයින් 08 දෙනෙක් දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් කල්ලියේ ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ මේ දිනවල පාසල් නිවාඩුව ලබා දී ඇති බැවින් 15 හැවිරිදි පාසල් සිසුවා සොරකම් සඳහා හවුල් කරගන්නා බවයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක්ද සිට ඇති අතර පාසැල් සිසුවා ඇගේ ඥාතියකු වනවා. අත්අඩංගුවට පත් කාන්තාව සහ ප්‍රධාන සැකකරු දිවයිනේ විවිධ පළාත්වලට ගොස් යතුරුපැදි සොරා ගන්නා අතර සොරා ගන්නා යතුරුපැදිය කුමන වර්ගයකට අයත් වුවත් රුපියල් 20000කට තවත් කණ්ඩායමකට විකිණීම සිදුකරන බව අනාවරණය වී තිබෙනවා.

මොවුන් විසින් දඹුල්ල සහ කුරුණෑගල ප්‍රදේශවලදී සොරා ගන්නා ලද යතුරුපැදි 05ක් සහ කොටස් කර ඇති යතුරුපැදි කීපයක කොටස් මෙන්ම අංක වෙනස් කිරීමට යොදා ගන්නා සියුම් උපකරණ තොගයක් ස්ථාන කීපයක දී සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.මීට අමතරව කඩා ගන්නා ලද රන්මාල උකස් කල රිසිට් පත් රැසක්ද හමුවී තිබෙනවා.

පොලිසිය අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරු 27 හැවිරිදි එක්දරු පියෙක් වන කාන්තාව ඔහුගේ බිරිඳ බවට සදහන්. කලාවැව, විජිතපුර ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර 15 හැවිරිදි පාසල් සිසුවා තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

එම සිසුවා ප්‍රධාන සැකකරුගේ බිරිඳගේ ඥාතී දරුවෙකු වන අතර සෙසු සැකකරුවන් බුලනවැව, කුරුණෑගල, දේවහුව සහ නෑගම්පහ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තාවන්නේ.

ප්‍රධාන සැකකරු වන කාන්තාවගේ සැමියා මත්කුඩු වලට විශාල වශයෙන් ඇබ්බැහිවී සිටින අයකු බවත් දිනකට මත්කුඩු පානය සදහා රුපියල් 15000ක පමණ මුදලක් වියදම් කරන බවත් සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුරටත් පරීක්ෂන පවත්වන බවත් සදහන්.


Reactions:

0 comments:

Post a Comment