xmlns:og='http://ogp.me/ns#' කාන්තා ඇඳුම් ඇන්ද සනත්ව මරපු ඝාතකයා සියල්ල පාපොච්චාරණය කරයි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Saturday, September 9, 2017

කාන්තා ඇඳුම් ඇන්ද සනත්ව මරපු ඝාතකයා සියල්ල පාපොච්චාරණය කරයි





දඹුල්ල කලුන්දෑව වල්ගම් වැව ප්‍රදේශයේ පදිංචි සනත් කුමාර නම් තරුණයෙක් පසුගිය (05) වෙනිදා මුගුරකින් පහර දී ඝාතනය තිබුනා.

ඔහු නිතර දඹුල්ල නගරයේ රාත්‍රී කාලයේ කාන්තා ඇඳුමින් සැරසී සිටින අයකු වන අතර එවැනි තවත් පිරිස් සමග සැරිසරන්නකු බවද සදහන්.

මෙම මරණය සිදුවූ ස්ථානයේදී සොයාගත් අත් ඔරලෝසුවක් සහිත ජංගම දුරකථනය ඔස්සේ සිදුකළ පරීක්ෂණයකදී මේ වන විට සනත් කුමාර ඝාතනය කල ඝාතකයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය සිදුකල බවට අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි පුද්ගලයකු වන අතර  ඔහු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල සේවය කරන කම්කරුවෙකි.

මොහු කලක පටන් ඝාතනයට ලක්වුනු සනත් කුමාර සමග අසම්මත ඇසුරක් පවත්වා ඇති අතර ඝාතනයට දින කිහිපයකට පෙර සනත් කුමාර සමග එවැනි ඇසුරක් පැවැත්වීමට ගිය අවස්තාවක ඔහුගේ රුපියල් තිස් පන්දහසක මුදලක් සොරා ගැනීම නිසා දැඩි කනස්සල්ලෙන් පසුව ඇත.

මෙම මුදල් සොරා ගැනීමේ සිද්ධිය මුල්කරගෙන පසුගිය පස්වැනිදා දඹුල්ල නගරයේදී රාත්‍රී කාලයේ මෙම පුද්ගලයා හමුවී පහරදීම සිදුකළ බව සැකකරු පොලිසියට පාපොච්චාරණය කර ඇති බව වාර්තා වේ.

මිය ගිය සනත් කුමාරගේ අක්කා සිද්ධිය සම්බන්දව මීට පෙර පවසා තිබුනේ මෙවැන්නක්.

"පාන්දර තුන පහුවෙලා. මට මතක හැටියට මගේ ෆෝන් එකට කෝල් කීපයක් ආවා. මම ඇහැ ඇරලා බලනකොට මල්ලිගෙන්. මම ඉක්මනට ඒක ආන්සර් කළා. මොකද එයා කරදරයක් වුණාම විතරයි මට කතා කරන්නෙ. පොලිසියෙන් ඇල්ලුවොත්, උන් උන් අතරේ ගහගත්තොත් බේරාගන්ඩ කියලා කතා කරනවා. ඒ නිසා ආන්සර් කළාම මල්ලිගේ කටහඬ නෙවෙයි වෙන කෙනෙක් මගේ නම කියලා අක්කා කියලාම කතා කරලා කුණුහරුපෙන් බැනලා මට කිව්වා ඕන් මල්ලි ටවුමේ ඉන්නවා, ගිහින් බලපං කියලා. මම ආයෙත් මල්ලිගේ ෆෝන් එකට කෝල් ගත්තා. ආයෙත් උෟ තමයි ආන්සර් කළේ. උෟ මට හොඳටම බැන්නා. මමත් උෟට බැන්නා. හැබැයි මට අඳුන ගන්න බෑ කවුද කියලා. මට හිතුණා අනිවාර්යෙන් මල්ලිව මරලා කියලා.

මීට කලින් අවස්ථා කීපයකදීම මල්ලිට හොඳටම ගහලා පාරේ දාලා තිබුණා. බොහොම අමාරුවෙන් තමයි සනීප කර ගත්තේ. ආයේ දවසක් මල්ලිව කපලා තිබුණා. මම බේරගන්න ගිහින් මටත් තුවාල වුණා. එයාලා එක්කම ඉන්න ඔය මල්ලි විදියට හැසිරෙන අය අතර තමයි ගැටුම් ඇති වෙන්නේ. ඇයි කියලා මල්ලිවත් උන්වත් කියන්නේ නැහැ. ආයෙත් උන් හොඳට කතා කරලා රට වටේ යනවා. පෙරහැරවලට, සංගීත සන්දර්ශනවලට එක එක තැන්වල ගිහින් ආයෙත් ගහගන්නවා. එයාට අපි නිතර නිතර කියනවා රෑ ගමන් නවත්වන්ඩ කියලා. දැන් එන්නේ අපිට හොරෙන්."

සනත් කුමාර ඝාතයේ සැකකරු අකුරණ තාවකාලිකව පදිංචි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සැලක කම්කරුවෙකු ලෙස සේවය කර ඇති අතර ඔහුව අද (10) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් සදහන්.



Reactions:

0 comments:

Post a Comment