xmlns:og='http://ogp.me/ns#' ‘‘අපේ ආදරේ මදි වෙලාද වෙන ආදරයක් හොයාගත්තේ කියලා ශ්‍රියන්ත මගේන ඇහුවා“ - කුසුම් රේණු ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Sunday, September 17, 2017

‘‘අපේ ආදරේ මදි වෙලාද වෙන ආදරයක් හොයාගත්තේ කියලා ශ්‍රියන්ත මගේන ඇහුවා“ - කුසුම් රේණු





කුසුම් රේණු කියන නම ඇසු පමනින් ඕනෑම කෙනෙක් දන්න රංගන ශිල්පිනියක්. නිතරම ටෙලි නාට්‍ය තුලින් දකින්න ලැබෙන ඈ මෑතකදි තිරගත වන ධර්ම යුද්ධය චිත්‍රපටය හරහත් දකින්න ලැබෙනවා. පවුලේ විස්තර වගේම රසබර අතීතය ගැනත් කුසුම් රේණු මාධ්‍යට කියපු කතාව තමයි මේ..

දශක තුනක් පුරාවට ඔබ රංගනයෙන් දායක වෙනවා. වේදිකාව, රිදී තිරය, පුංචි තිරය කියන මේ මාධ්‍ය තුනත් එක්ක කළ අලුත් වැඩ කටයුතු මොනවාද කියලා මුලින්ම කතා කරමු..?

මම මේ දවස්වල හරිම සතුටින් ඉන්නේ මම සම්බන්ධ වුණු ධර්ම යුද්ධය චිත්‍රපටියට ලැබෙන ප්‍රතිචාර එක්ක. ඒ වගේම වේදිකා නාට්‍ය තුනක ප්‍රධාන චරිත රගපානවා. ඒ චරිත තුන තුන් විදිහක්.හංකිති 13 වේදිකා නාට්‍ය හරියටම වර්ෂයක් ඇතුළත දර්ශන වාර 100 සම්පුර්ණ කළා. මේ නිර්මාණ එක්ක තමයි මාව මේ දවස්වල දකින්න ලැබෙන්නේ.

දියණියන් දෙදෙනාම දැන් තේරුම් තියෙන වයසක ඉන්න නිසා ඔබට වැඩි කාලයක් රංගනය එක්ක එකතු වෙන්න පුළුවන් නිදහසක් තියෙනවා නේද..?

මම තවම අම්මාගේ වගකීමෙන් මිදිලා නැහැ. මේ දවස්වල මගේ ලොකුම වගකීම චුටි දුවගේ විවාහය ගැන බලන එක. එයා ලබන වසරේ ජනවාරි මාසේ මුල් සතියේ විවාහ වෙනවා. ඒ නිසා මගේ වැඩිපුරම කාලයක් යොදවන්නේ ඒ දේවල්වලට. දරුවෝ දෙන්නා ලොකුයි කියලා මම නිදහස් වෙලා නැහැ. ලොකු දුව අලුත් ගෙදරකට පදිංචියට ගියා. එයාගේ දුව මගේ මිනිබිරියට මාව ඕන. එයාගේ හුරතල් විදින්නත් මම කාලය වෙන් කරනවා.

ආච්චිවයි සීයාවයි රූපවාහිණි තිරයෙන් දකින පුංචි මිනිබිරිය කොයි විදිහටද ප්‍රතිචාර දක්වන්නේ..?

දුවගේ වයස අවුරුදු තුනහමාරයි. මට කතා කරන්නේ අම්මම්මා කියලා. කවුරුදු හරි ආච්චි කිව්වොත් එයා ඒක නිවැරදි කරනවා. නැහැ අම්මම්මා කියලා. රූපවාහිනියෙන් දකිද්දී එයා අපිව අදුරනවා.ධර්ම යුද්ධය බලලා අවසන් වුණු ගමන්ම එයා මට කිව්වා අම්මම්මා නෝටි කියලා. මම ඒකෙ නපුරු චරිතයක් කරන නිසා.මම ඉන්න හැම වේදිකා නාට්‍යයක්ම එයා රස විදිනවා. නාට්‍ය ඉවර වුණු ගමන්ම එයා වේදිකාවට දුවගෙන එනවා. ඇවිත් මම වාඩි වුණු තැන් වලින් වාඩි වෙලා බලනවා. මම මොකක් හරි දෙයක් ස්පර්ශ කළා නම් නාට්‍යයේදී එයා ඒක අල්ලලා බලනවා. මාව අනුකරණය කරනවා. ඒ වෙලාවට එයාට නිදහසේ ඉන්න දෙන්න ඕන. නැත්තම් අඩනවා. ඒ වගේම නාට්‍ය ගීත කියනවා.

ඒ කියන්නේ දුවරුන් දෙන්නා කලාවට සම්බන්ධ නොවුණට මිණිපිරිය කලාවට සම්බන්ධ වෙයි නේද..?

අනේ ඒක නම් දන්නේ නැහැ. මොන දේ කරන්නත් අපේ රටේ කලාව පෝෂණය වෙලා තියෙන්න ඕන. මේ විදිහට කලාව පැවතුණොත් එහෙම නම් මම හිතන්නේ නැහැ රංගනයට පැවැත්මක් තියෙයි කියලා.
ජාත්‍යන්තරයේ නම් කලාව කියන්නේ උසස් මට්ටමින් සලකන තැනක්. 

නමුත් ලංකාවේ තත්ත්වය ඊට වඩා වෙනස්. දශක තුනක් කලාව පෝෂණය කරන්න මහන්සි වුණු රංගන ශිල්පිණියක් හැටියට ඔබ ඉන්නේ කලකිරීමෙන්ද..?

කලකිරීමක් නැහැ. නමුත් පිටරටවල්වල රංගනය දේවත්වයෙන් සලකනවා. මම නම් කියන්නේ නැහැ මාව දේවත්වයෙන් සලකන්න කියලා. මොකක්දෝ පිනකට මමයි ශ්‍රියන්තයි දෙන්නම එදා ඉදලා අද වෙනතුරුම ජනතාවගේ ආදරේ අපරිමිතව විදිනවා. අපේ පවුල් ජිවිතේ ගෙවන විදිහ ගැන සතුටුයි කියනවා. අපිට හැමෝම ලෙන්ගතුයි. නමුත් රංගනය තුළ සැලකීමක් නැහැ කියන චෝදනාව තියෙනවා. මම නම් නිර්මාණ තෝරා ගන්නේ හොදට බලලා. ඒ වගේම මගේ වටිනාකමට සරිලන මුදල පවා කලින් කතා කරගෙන යන්නේ. ඒ නිසා මුල්‍ය පැත්තෙන් නිෂ්පාදකවරු මට වරදක් කරලත් නැහැ.

ඔබේ ආදරණිය සැමියා ශ්‍රියන්ත කවදාවත් කියලා නැද්ද රගපාන්න එපා ගෙදරට වෙලා මවගේ, ගෘහණියගේ භූමිකාව විතරක් කරගෙන ඉන්න කියලා..?

කවදාවත්ම මට නීති දාලා නැහැ. මම විවාහ වුණාට පස්සේ බිරිද අම්මා කියන වගකීම් අකුරටම ඉටු කරපු කෙනෙක්. නිර්මාණ වලට සම්බන්ධ වෙන්නේ ගෙදර සියලුම වැඩ කරලා. දරුවන්ගේ වැඩ කරලා. ශ්‍රියන්තගේ අඩුපාඩුත් බලලා. මහා රැ එළිවෙනකල් හරි ඇහැරිලා ඒ දේවල් කළා. ඊට පස්සේ තමයි කලාවට සම්බන්ධ වෙන්නේ. මම එයාගේ ආර්ථිකයට උර දුන්නා. එහෙම කළේ ගෙදර මග හැරලා නෙමෙයි. 

රංගනය තමයි ඔබයි ශ්‍රියන්තවයි එකතු කරන්නේ. ඔබගෙයි ඔහුගේයි ආදරේට වසර 34ක් පිරුණා. නමුත් ආදරේ විදපු මුල් දවසෙම ආදරේ ගෙදරට ආරංචි වුණා නේද..?

ඔව්. අපි දෙන්නා කැමැත්ත ප්‍රකාශ කරගෙන මුණ ගැහුණු මුල් දවසෙම අපේ මාමා කෙනෙක් අම්මාට ගිහින් කියලා දුව බස් හෝල්ට් එකේ සුරසේන එක්ක හිටියා කියලා. සුරසේන චරිතයට පිංසිද්ධ වෙන්න මට ගෙදරට කියන්න ඕන වුණේ නැහැ. නමුත් ගෙදරින් විරුද්ධ වුණා අපි දෙන්නා ආගම් දෙකක නිසා.ආදරේ යුද්ධය පටන් ගත්තා .නමුත් අපි බුද්ධිමත්ව කටයුතු කළා. හිතුවක්කාර නොවී. කොහොම හරි දෙන්නා ගෙදරින් කැමැත්ත ගත්තා.අපි ආදරේ කරලා අවුරුදු දෙකකින් විවාහ වුණා. 86 අවුරුද්දේ. විවාහ වෙලා අවුරුදු 32යි. අපි දැනගෙන අවුරුදු 34යි.තවම ආදරෙන් ඉන්නවා. 

දියණියන්ගේ ආදර සම්බන්ධතා දැන ගත්තාට පස්සේ ඔබට මොකද හිතුනේ..?

ලොකු දුව නම් එයාගේ ප්‍රේම සම්බන්ධය පටන් ගත්තාට පස්සේ මුලින්ම මට ඇවිත් කිව්වා. මම එයාට තේරුම් කරලා දුන්නා ජිවිතේ ගැන. නමුත් එයා එකමැ තිරණයක හිටියේ. ඒ වගේම මම ශ්‍රියන්තට කියන්නම් කිව්වා. මම නම් දුක් වුණේ නැහැ. මමයි ශ්‍රියන්තයි ආදරේ කරපු නිසා. නමුත් ස්රියන්තට කිව්වා ගමන්ම එයා කිව්වේ " අනේ අපේ ආදරේ මදි වෙලාද දුව වෙන ආදරයක් හොයා ගත්තේ කියලා.." නමුත් මම සරලව එයාට කිව්වා මම සහෝදරයෝ පස්දෙනෙකුගේ වගේම අම්මා තාත්තාගේ ආදරේ උපරිමයෙන්ම වින්ද කෙනෙක්. මට ආදරේ මදි වුණු නිසා නෙමෙයි ඔයාගේ ආදරේ බලාපොරොත්තු වුණේ. අපේ අතීතය අමතක කරන්න එපා කියලා. ඊට පස්සේ තමයි ලොකුදුවගේ ආදරේ එයාට විදින්න අවස්ථාව දුන්නේ. චුටි දුවට නම් අපි තමයි යෝජනාව ගෙනාවේ. 

ඔබ රංගනයට එන්නේ කාගේ වුවමනාවටද..?

මගේ අම්මාගේ වුවමනාවට. මගේ මාමා සේනාධීර කුරුප්පු. ඔහු කලාවට සම්බන්ධයි. මේ දෙන්නාගේ කැමැත්ත නිසයි මම අද රංගන ශිල්පිණියක් වුණේ.84 මම වේදිකා නාට්‍යකට සම්බන්ධ වුණා.හිම කුණාටු කියලා. ඒ චරිතයට ජාතික තරුණ සේවා සභාවේ රණමයුර සම්මානය ලැබුණේ මම හොදම නිළිය විදිහට.

අද වගේ සුඛෝපභෝගී ජිවිතයක් එදා රංගනය එක්ක ගෙවන්න නැතුව ඇති. එදා දුෂ්කර ජිවිතයට මුහුණ දීලා රංගනය තුළ පෙරළිකාර වගේම ආදරණිය චරිතයක් වෙන්න ලැබීම ගැන මොකද හිතන්නේ..?

වාසනාවන්තයි කියලා හිතෙනවා.දුෂ්කරතා මැද්දේ නමුත් අපි දෙන්නා කලාව හා පුද්ගලික ජිවිතේ මේ තරම් දුරක් අරගෙන ආවා. මම විහාර මහා දෙවි චරිතයට රගපෑ නිසා හොදම සහය නිළිය වුණා. එදා මම සම්මානය ගත්තේ මම වැඩිපුරම ආදරේ කරන නිළිය අතින්. ඇය ශ්‍රීදෙවි. එදා සම්මානේ ගත්ත දවසට තමයි මගේ අම්මා නැතිවෙලා තුන් අවුරුද්ද සම්පුර්ණ වුණේ. මගේ අම්මාගේ බලාපොරෝතුව තමයි මම හොදම නිළිය සම්මාන ගන්න එක. අම්මා නැතත් මම ඒ දේ කළා. ඒ නිසා කලා ජිවිතයේ මේ ආ ගමන් මග ගැන මම තෘප්තිමත්.


Reactions:

0 comments:

Post a Comment