xmlns:og='http://ogp.me/ns#' කොටි පහක සුපිරි ජය මල්ල ඇදුනු අනුරාධපුරයේ මල් වෙළදාම් කල බණ්ඩාරට මිතුරන් කල අපරාධය ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Thursday, September 14, 2017

කොටි පහක සුපිරි ජය මල්ල ඇදුනු අනුරාධපුරයේ මල් වෙළදාම් කල බණ්ඩාරට මිතුරන් කල අපරාධය




රුපියල් කෝටි පහක ලොතරැයි ජයග්‍රහණයක් ලබා ඉන්පසු මිතුරන් නිසා මත්කුඩු පානයට ඇබ්බැහි වී ජීවිතය විනාස කරගත් පුද්ගලයකු පිලිබදව අවාසනාවන්ත පුවතක් අනුරාධපුර අධිකරණයෙන් වාර්තා උනා.

40 හැවිරිදි හේරත් හාමිගේ රසික බණ්ඩාර සුගතදාස දෙදරු පියෙක් වන අතර අනුරාධපුර, ගල්කඩවල පදිංචි කරුවෙක්. ඔහුට රුපියල් ලක්ෂ පන්සීයක සුපිරි ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී තිබුනේ මීට වසර 5 කට උඩදීයි. 

මල් වෙළෙන්දකු ලෙස තම එදිනෙදා ආදායම සොයාගත් මොහුට ලොතරැයි ජයග්‍රහණයෙන් පසු විවිධ මිතුරන් වඩ වඩාත් ලංවන්නට පටන්ගෙන තිබේ. ඔහුගේ බිරිද පවසන්නේ ඉන්පසු නිකරුනේ හිතු හැටියට මුදල් නාස්ති කිරීමට ඔහුව මිතුරන් පෙළඹවු බවයි.

හෙරොයින් වෙළෙඳාම මගින් ලොතරැයියට ලැබුණ මුදල දෙතුන් ගුණයකින් ඉහළ දමාගත හැකි බව ඔහුට සමීපවූ කූට මිතුරන් යොජනා කර තිබෙන අතර මේ නිසා ඔහු ඒ ව්‍යාපාරය වෙනුවෙන් මුදල්ද ආයෝජනය කර තිබෙනවා.

කෙසේ වෙතත් ටික කලක් ඉන් මුදල් ලැබුනත් පසුව අවස්ථා ගනනාවකදී නීතියේ රැහැනට අසුවී ඔහුගේ මත්කුඩු ව්‍යාපාරය අඩාළවී ඇති අතර ඔහුගේ මත්කුඩු වෙළඳාම මුදල්ද නාස්තියකින් පසු නැවතී තිබෙනවා.

මතුකුඩු ව්‍යාපාරය නතර උනත් ඒ වන විට මොහු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිවී තිබුණා. 

තවූ වසර 5 ක කාලය තුළ හෙරොයින් හා ගංජා භාවිතය ජාවාරම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වැරදි හයකට ඔහු අධිකරණයට ඉදිරිපත්වී ඇති අතර ඊයේ 7 වෙනි වතාවට අධිකරණයට පෙනී සිට තිබෙනවා.

ඔහුගේ දරු පවුලට ජීවත්වන්නටද දැන් මාර්ගයක් නොමැති බවත් අධිකරනයේදී කරුණු අනාවරණය වී තිබෙන අතර මොහුව වසරක කාලයක් පුනරුත්ථාපන කිරීම සඳහා වැලිකන්දේ පිහිටි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුලත් කිරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නියෝග කරා.



Reactions:

0 comments:

Post a Comment