xmlns:og='http://ogp.me/ns#' පැහැරගෙන ගියා කියපු පස් හැවිරිදි චමිදු ගේ ඇතුලෙදි කරගෙන තිබුනු දේ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, September 15, 2017

පැහැරගෙන ගියා කියපු පස් හැවිරිදි චමිදු ගේ ඇතුලෙදි කරගෙන තිබුනු දේ



පස් හැවිරිදි වියේ පසුවන ළදරු පාසල් යන දරුවෙකු පැහැරගෙන යන්නට ඇතැයි අද (15) උදෑසන පොලිසියට ලැබුන පැමිණිල්ලක් නිසා විශේෂ කණ්ඩායම් යොදවා විමර්ශන කරන අතරතුර දී නොසිතු ස්ථානයක සිට දරුවා හමුවූ පුවතක් හලාවත මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා වනවා. 

මාදම්පේ-මුගුණුවටවන- පුලියන්කඩවර- වැල්පොතුවැව ප්‍රදේශයේ පදිංචි රෝහිත ලෙස්ලි හා දමයන්ති නිරෝෂා යන අයගේ ගේ පස් හැවිරිදි පුත් චමිදු රනීශ කුඩා දරුවාව මෙසේ පැහැරගෙන යන්නට ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුනා. 

දරුවා කොක්කවිල ප්‍රදේශයේ ළදරු පාසලකට යන අතර අද (15) උදැසන ද දරුවා ළදරු පාසල් ගෙන යාමට සුදානම් කර ඇති බවත් පොලිසිය පවසනවා. මේ අතර දරුවා පාසල් ගෙන යාම සදහා පිටත්විමට ගිය අවස්ථාවේ දී දරුවා පෙනෙන්නට නොසිටි අතර දෙමාපියන් සෑම ස්ථානයකම විපරමින් පරික්ෂා කළත් දරුවා සිට නැති බවත් පොලිසිය සඳහන් කළා. ඒ අතර එම නිවස අසල මාර්ගයකන ගිය බටිටා ලොරියක් එක්වරටම අධික වෙිගයෙන් ගිය අතර දෙමාපියන් තුළ එම දරුවා පැහැරගෙන යනු ඇතැයි බියක් හට ගෙන ඔවුන් වහාම 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට ඇමතුමක් ලබ දී තම පුතා කිසිවකු විසින් ලොරියක පටවා ගෙන යන්න ඇති බවට පැමිණිළ්ලක් දමා ඇති බවත් සඳහන්. 

ඇමතුම ලද සැණින් මාදම්පේ හා හලාවත පොලිස් ස්ථානවල නිලධාරින් පිරිසක් දරුවා පැහැර ගෙන ගිය බව කියන ලොරිය සොයා යතුරු පැදි කණ්ඩායමක් පිටත් කර තවත් නිලධාරින් පිරිසක් දරුවා ගැන තොරතුරු සොයා බැලිමට දරුවා විසූ නිවසට ගොස් තිබෙනවා. නිලධාරීන් දෙමාපියන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන මුලින්ම දරුවා සොයා නිවස අවට සූක්ෂම ලෙසින් පරික්ෂා කර පසුව නිවස තුළට ගොස් විපරමි කර බැලීමේදී නිවසෙහි රෙදි සෝදන යන්ත්‍රයක් ඇති බව දැක එක් නිලදාරියෙක් සැකයට වාගේ එම යන්ත්‍රයේ දොර විවෘත කර බැලීමේදී පැහැර ගෙන ගිය බව කී දරුවා රෙදි සෝදන යන්ත්‍රය තුළ ගුලි ගැසි දාඩිය පෙරා ගෙන සිටිණු දැක තිබෙනවා. 

ඒ සමගම දරුවා ළදරු පාසල් ගෙන යන බෑගය ද ඒ තුළ තිබී හමු වී ඇති අතර තමා ළදරු පාසල් යන්නට අකමැති නිසා රෙදි සෝදන යන්ත්‍රය තුලට ඇතුලු වී  සැගවුන බව දරුවා පොලිසියට පවසා තිබෙනවා. 

දරුවා පැයක පමණ කාලයක් යන්ත්‍රය තුළ සිට ඇති බවත් තව ටික වෙිලාවක් දරුවා යන්ත්‍රය තුළ සිටියේ නමි දරුවාගේ මරණය පවා සිදුවිය හැකි බවයි පොලිසිය පවසන්නේ. දරුවා නිවස තුළ සිටිය දි ම සොයාදුන් හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත හේරත් අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුරංග දහනායක මාදසිපේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක වසන්ත කුමාර යන අය ඇතුඵ නිලධාරින් ආපසු පිටත්ව ගොස් තිබෙනවා



Reactions:

0 comments:

Post a Comment