xmlns:og='http://ogp.me/ns#' සැමියගේ මිතුරා එක්ක බිරිදට තිබුනු අනියම් සබදතාවය මුන්දලමම කම්පා කර ජීවිත තුනක් විනාස කරපු හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Wednesday, September 13, 2017

සැමියගේ මිතුරා එක්ක බිරිදට තිබුනු අනියම් සබදතාවය මුන්දලමම කම්පා කර ජීවිත තුනක් විනාස කරපු හැටි






සිය බිරිද සමග අනියම් සම්බන්ධයක් පැවැත්වු පුද්ගලයකුට සිය නිවස තුලදී කඩු ප්‍රහාරයක් එල්ල කර බරපතල තුවාල සිදුකල පුද්ගලයකු මුන්දලම පොලීසියට භාරවී තිබෙනවා.

බිරිඳ ඔහුගේ මිතුරෙකු සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට ඔහුට තොරතුරක් ලැබී ඇති අතර ඒ අනුව මොහු ඊයේ රාත්‍රියේ තම ලොරි රථය මඟ නවතා හොර රහසේම නිවසට පැමිණ ඇත්තේ මේ පිලිබදව සොයා බැලීමටයි.

ඒ වන විට මිතුරා සහ බිරිඳ නිවසේ කාමරයක සිටිනු මොහු දැක ඇති අතර අධික කෝපයට පත් මොහු නිවසේ දොර විවෘත කරන ලෙස බිරිඳට පවසා ඇත. ඒ අවස්ථාවේ නිවස තුළ සිටි මිතුරා පලා යාමට උත්සාහ කරන විට ඔහුට කඩු පහර එල්ල කල බව මොහු පොලිසියට පවසා ඇත.

කඩු පහරින් බරපතල තුවාල ලද බිරිදගේ අනියම් පෙම්වතා බව කියන 25 හැවිරිදි තරුණයා හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

පසුව බිරිදගේ අනියම් පෙම්වතා වුනු තම මිතුරාට කඩු පහර එල්ලකල පුද්ගලයා පොලිසියට බාර වී ඇති අතර ඒ අවස්ථාවේ අනියම් සම්බන්ධය පැවැත්වු ඔහුගේ බිරිද ගෙළ වැලලාගෙන මිය ගොස් ඇත.

මෙලෙස සිය දිවි නසාගෙන තිබුනේ 25 හැවිරිදි කාන්තාවක් වන අතර අනියම් පෙම්වතාට කඩුපහර කෙටු සැමියා රෙදි ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයකු වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් උඩප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් සදහන්.



Reactions:

0 comments:

Post a Comment