xmlns:og='http://ogp.me/ns#' ආච්චි පෝයට සිල් ගන්න යන හින්දා සීයා අතින් මිනිබිරියව දුෂනය වෙනවා - සන්නස්ගල කියන කතාව ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Sunday, September 10, 2017

ආච්චි පෝයට සිල් ගන්න යන හින්දා සීයා අතින් මිනිබිරියව දුෂනය වෙනවා - සන්නස්ගල කියන කතාව







උපුල් ශාන්ත සන්නස්ගල කලින් කලට විවිධ වෙනස් මත ජනගත කිරීමත් එක්ක කතා බහට ලක්වෙනවා. ‘නිර්වාණ’ යනුවෙන් ඔහුගේ අලුත්ම කෘතිය එලි දැක්වෙද්දි ඔහු ඒ පිලිබදව කියපු අදහස් තමයි මේ.

බෞද්ධ දර්ශනයට අනුව ‘නිර්වාණය’ කියන්නෙ අවසානය හෙවත් ඉපදීමේ අවසානය. මෙතන ‘නිර්වාණ’ යනුවෙන් හඳුන්වන්නෙත් කිසියම් ප්‍රපංචයක අවසානය ද?

නැහැ. මම මෙතනදි මේ වචනය භාවිතා කරන්නෙ ‘සතුට’ යන අරුතෙන්.

සතුට… සතුට යනුවෙන් අදහස් කළේ?

ඔන්න වැඩේ තරමක් සංකීර්ණයි. අපි හැමෝම හිතාගෙන ඉන්නවා ‘නිර්වාණ’ යන වචනය බෞද්ධ දර්ශනය හෝ බෞද්ධ ආගම සමග සම්බන්ධ සහ ඒ දෙක ඇතුළෙ පමණක් පවතින වචනයක් පමණක් බව. නමුත් ‘නිර්වාණ’ යනුවෙන් අදහස් කරන්නේ බොහෝ ඈත අතීතයේ පැවති අදහසක්.

මොනවද තියෙන සාක්ෂි?

මේ වචනය ලෝකයේ පාවිච්චි කරන්නෙ බෞද්ධ අදහසකින් පමණක් ම නොවෙයි. මම උදාහරණයක් කියන්නම්. කර්ට් කොබේන් ‘නිර්වාණ’ නමින් සංගීත කණ්ඩායමක් නිර්මාණය කළා. ඔහු: අතිශය මත් ලෝලී, ශෘංගාරයට ළැදි, ලිංගිකත්වය පිළිබඳ ගී නිර්මාණය කළ පුද්ගලයෙක්. ඔහුගේ ඒකායන අරමුණ සහ ප්‍රකාශය වුණේ ‘මම සතුටෙන් ඉඳල මැරෙනවා’ යන්නයි. එහෙම පුද්ගලයෙක් පවා තමන්ගේ සංගීත කණ්ඩායම ‘නිර්වාණ’ නමින් නම් කළා. බෞද්ධ දර්ශනයේ හෝ බෞද්ධ ආගම සම්බන්ධව ‘නිර්වාණ’ යනුවෙන් සංකල්පයක් තියෙන බව ඔහු කිසිවක් ම දැන සිටියේ නැහැ.

ඇයි එහෙමනම් අපිට මේ ‘නිර්වාණ’ නමැති වචනය මේ තරමට ම කහපාට ම පේන්නෙ?

ඔවු… ඒකට හේතුවක් තියෙනවා. ලංකාවේ විශාල ගැටලුවක් තියෙනවා කිසියම් වචනයක් හෝ වර්ණයක් එක් භාජනයක ම පමණක් තැන්පත් කර තැබීම. මම මේ වචන කැඩීම ආරම්භ කළේ මගේ ‘අම්මා’ කෘතියෙන්. මොකද ‘අම්මා’ කියපු ගමන් ම ගන්නෙ මැක්සිම් ගෝර්කිගේ ‘අම්මා’ කෘතිය. ඒක හරියට අනෙක් අයට අම්මල නැහැ වගේ. ‘නිර්වාණ’ වචනයත් එහෙමයි. ඇත්තට ම මේක ඉස්සරවෙලාම කැඩුවෙ මම නෙවෙයි. මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලෙ පැවැත්වුණ ‘පවන’ ප්‍රසංගය කරපු අවධියේ එයට ‘සජ්ඣායනය’ යනුවෙන් යෙදුවා. එතෙක් මේ වචනය පාවිච්චි වුණේ ‘පිරිත් සජ්ඣානය’ යන්නට පමණයි. අන්න එතනදි සුනිල් ආරියරත්න ඒ වචනයට දීල තිබුණු අර්ථය කැඩුවා. මම ඒකට කැමතියි. ඊළඟට ගමු ‘අවශෝෂණය’ නමැති වචනය. මේක උසස් පෙළ විද්‍යාකවට උගන්වන වචනයක්. දැන් මේ වචනය සාහිත්‍යයට පාවිච්චි කරනවා. ඒක වෙන්නෙ මෙහෙමයි. ‘සාහිත්යකය දේහයට අවශෝෂණය කරගත් හැඟීම්’ යනුවෙන් යොදනවා.

ඔබ පවසන්නේ ඕනම වචනයක් එක් විෂයයක සිට තවත් විෂයයකට එද්දි වෙනත් අරුතක් දනවන්න පුළුවන් කියලද?

ඔවු… වචන කියන්නෙ අර්ථ නම් අපිට ඒ වචන ඇතුළෙ අර්ථ ගොඩනගන්න පුළුවන්. ඒ නිසා ‘නිර්වාණ’ කෘතිය ඇතුළෙ මම උත්සාහ කරන්නෙ මෙවැනි දෙයක්. ඒක මෙහෙම ආරම්භ කරන්නම්. මට දැනෙන විදියට ලංකාවට පැමිණි සූක්ෂම සහ චින්තනමය ආක්‍රමණිකයා මිහිඳු හාමුදුරුවෝ. ඒ ආක්‍රමණය සිද්ධවෙන්නෙ ‘ධර්මාශෝක’ නමැති ආකෘතිය ඇතුළෙ. ඒ නිසා ඒක බොහෝම දරුණු ආක්‍රමණයක් විදියට අපි පිළිගත්තෙ නැහැ. අපි දන්නවා ආක්‍රමණ කියන දේ වැලඳගන්නෙ නැහැ. නමුත් එතනදි ලාංකීය පාලකයාගේ සිට සියලු දෙනාම කළේ ඒ සූක්ෂ්ම ආක්‍රමණය ආදරයෙන් වැලඳ ගැනීම. මිහිඳු හාමුදුරුවො ඇවිත් ඒ දේශනාව පවත්වපු දවසෙ සිට හැම දේට ම දුක… දුක… දුක… කොණ්ඩෙ ඉදුණාමත් දුක! ළමයෙක් ලැබුණමත් දුක!! මත්පැන් ටිකක් බිව්වත් දුක!!! ලිංගිකත්වය පවා දුක!!!! හැම දේකට ම දුක කියල එකක් ගේනවා.

ඒ දුක නැති කරගන්න නේද හතර පෝය කොහොම වෙතත් එක පෝයකට හෝ උපාසක උපාසිකාවො සිල් ගන්නෙ?

අන්න හොද තැනකට ආවා. හොදයි. අපි බලමු පන්සල් ගිහින්: සිල් අරගෙන, දාන-මාන දිල, මල්පහන් පූජ කරල, පින් පුරවගෙන එන උදවිය කොහොමද එන්නෙ කියල. බොහෝම සතුටින් උද්දාමයට පත්වෙලා එනවද? නැහැ… එහෙම පන්සලේ, පල්ලියේ හෝ කෝවිලේ ඉඳල එන අයගෙ සතුටු මුහුණක් දකින්න නැහැ. අපිට දකින්න ලැබෙන්නෙ මහා දුකකින් පීඩාවට පත්වුණ මුහුණු ටිකක්. මොකද උදේ සිට රැ වෙන තුරුම ඔළුවට දාන්නෙ දුක විතරම යි. එහෙම දැම්මට පස්සෙ ඇත්ත මනුෂ්‍ය හැඟීම් යටපත් වෙලා අමනුස්ස හැඟීම් මතුවෙනවා.

කොහොමද එහෙම වෙන්නෙ?

මම උදාහරණයක් කියන්නම්. ඔන්න ගෙදර ඉන්න ආච්චි යනව සිල් ගන්න. සීය ඉන්නෙ ගෙදර. එතනදි සියට බුලත් විටක් කොටල දෙන්න. තමන්ගෙ අතීතය මතක් කරල විහිළුවක් කරන්න. ජන කවියක් ගායනා කරන්න තමන්ගෙ බිරිඳ ළඟ නැහැ. මෙන්න මේ නිසා ඈත ගමක ‘අවුරුදු හැත්තෑ දෙකක සීය කෙනෙක් තමන්ගෙ මිනිබිරිය දූෂණය කරලා’ යනුවෙන් පෝය දවසට පහුවදා පත්තරේ ප්‍රවෘත්තියක් පළ වෙනවා. බස් ඇතුළෙ ජැක් ගහන්නෙත් ලිංගිකත්වය වාරණය කරනවට එරෙහි කැරැල්ලක් විදියටයි මම දකින්නෙ.

ඔය කාරණා සියල්ලට ම පදනම් වෙන වෙනත් සමාජ ප්‍රශ්න ඇති බවට මම යෝජනා කළොත්?

හරියට ම හරි… දැන් මම කිව්වනේ ජීවිතය ස්වාභාවිකව විඳිමින් හිටපු ශ්‍රී ලාංකිකයා වෙතට මිහිදු හාමුදුරුවො වේදනාව සහ දුක පදනම් කරගත්ත චින්තන ක්‍රියාවලියක් අරගෙන ආ බව. ඒ නිසා දුක නමැති පදනම උඩ ම: යාන-වාහන, ගේ-දොර, ඉඩ-කඩම්, ගෙවල්-දොරවල්, මිල-මුදල් සහ අඹු-දරුවො, විවාහය ලිගිකත්වය යනාදි පිරමිඩය ගොඩනැගුණා. මෙන්න මේ ‘දුක නැති කිරීමේ මග’ නමැති ආගමික ඉගැන්වීම විසින් ලාංකිකයා දුෂ්ටිවාදිව අතරමං කළා. මිනිස් ජිවිතවල ලෞකික දුක නැතිකිරීමේ විසදුම් ක්‍රියාවලියක් යෝජනා කරන්න ආගම සමත්වෙලා නැහැ.

ඔබ කතා කරන්නේ ආගමික පාර්ශ්වයෙන්නෙ. මේ මාතාකාවම දේශපාලනික පාර්ශ්වයෙන් ගත්තොත් තත්ත්වය කොහොමද?

ඇත්ත… අපිට නිදහස ලැබෙන්නටත් පෙර සිට ම ‘වම’ මේ කියන දුක වෙනුවෙන් පෙනී සිටිනවා. දුක් විඳින මිනිසා සහ සැප විඳින මිනිසා යනුවෙන් වර්ගිකරණයකුත් වම යෝජනා කරනවා. එතනදි වම පෙනි සිටින්නේ ඔවුන් විසින් ම ‘සැප විඳින්නා’ යනුවෙන් හඳුන්වන මිනිස් කොට්ඨාසය වෙනුවෙන් නෙවෙයි. ‘දුක් විඳිනවා’ යනුවෙන් රාමු ගතකළ මිනිස් කොට්ඨාසය වෙනුවෙන් පමණයි. එතනදි මගේ යෝජනාව වෙන්නෙ ආගම ‘දුක’ නමැති පදනමේ ම පවතින අතර ‘වම’ පවතින්නෙත් ඒ පදනමේ ම යි යන්නයි. ඒක තවත් පැහැදිලි කරනවා නම් ‘වම’ කියන්නෙත් එක්තරා ආකාරයක ආගමක්. මොකද බෞද්ධාගමේ යෝජනා කරනවා මරණයෙන් පස්සෙ නිර්වාණය. කතෝලික ආගමේ කියනවා මරණයෙන් පස්සෙ ස්වර්ගය. වම යෝජනා කරනවා විප්ලවයෙන් පස්සෙ දුක නැතිවෙන බව. ආගමයි වමයි දෙකම පවතින්නේ දුක ම දේශනා කරමින්. මගේ අදහස වසර 2600කට ඉස්සර සිද්ධාර්ථ ගෞතමගෙ දේශනාවලට හෝ වසර සිය ගණනකට පෙර හදුන්වා දීපු මාක්ස්වාදයටවත් වර්තමාන මානවයා තේරුම් ගන්න බැහැ. මේ නිසා ම ලංකාවේ: කවි, කෙටිකතා, නවකතා, චිත්රතපට සහ නාට්ය. යනාදි සියල්ල ම බිහිවුණේ මේ ‘දුක’ ආශ්වාදය කිරීමෙන්. ඒක මම නම් කරන්නෙ ‘රතු සෞන්දර්ය’ යනුවෙන්. තවත් පැහැදිලි කරනවා නම් ‘බුද්ධාගම’ ඇතුළෙ පවතින්නේ ‘කහ සෞන්දර්ය’ ය. කතෝලිකයන්ගේ ‘සුදු කළු සෞන්දර්’ ය. හින්දුන්ගේ ‘දුඹුරු සෞන්දර්’ ය. වාමාංශිකයන්ගේ ‘රතු සෞන්දර්ය’ ය.

මේ ආකාරයට විවේචනාත්මක අදහස් ඉදිරිපත් කරන ඔබට විකල්ප යෝජනා තියෙනවද?

ඔවු… යෝජනා නම් එමට තියෙනවා. මම ඒකට පදනම් කරගන්නේ මැයි දිනය. අපි දන්නවා විවිධ පළාත්වලින් මේ පිරිස් එදාට කොළඹ එනවා. ඇවිල්ලා ගොල්ෆේස් එකේ මල පහ කරනවා සහ ටාජ් සමුද්රල හෝටලයේ පොල් කඩනවා. එදාට කොළඹ නගරය හරියට ම ගණිකාවක් වගේ. ඒ කියන්නේ මේ පෙළපාලි එන අයට කැමති කැමති දෙයක් කරගන්න ඉඩ ඇරලා නගරය බලාගෙන ඉන්නවා. මේ නගරයට එන අයගේ හැසිරීම් දැක්කම පැහැදිලි වෙනවා මේ අය එන්නෙ විශාල වෛරයකින් බව. මේ අය එන්නෙ දුකෙන්නෙ. ඒ දුකෙන් මිදෙන මග හොයාගෙනයි මේ විදියට කොළඹ එන්නෙ. මෙතනදි නාගරිකයා කරන්නේ මේ පිරිස මගහැර යාම. අපි කවදාවත් දැකල නැහැ කොළඹ නගරයේ ඉහළ පංතියේ අය මේ පිරිස සමග පෙළපාලි යනවා. දැන් මේ දුකෙන් මිදෙන මග හොයාගෙන කොළඹ එන අයට විවිධ යාන-වාහන, ටජ් මහල් වගේ ප්රාමසාද සහ විවිධ වර්ගයේ හෝටල් යනාදිය පේනවා. එතනදි මේ පිරිසට ‘මෙන්න සැප තියෙන තැන’ යන අදහස එනවා.

ඔබ කියන්නේ මේ කොළඹ වෙසෙන ඉහළ ධනපතියන්ට හෝ මධ්‍යම පාන්තිකයන්ට දුකක් නැහැ කියන එකද?

අන්න හරි… මටත් එන්න වුවමනා එතනට. ඇත්තට ම මේ සත්මහල් ප්රාහසාදවල වෙසෙන මිනිස්සුන්ට ‘දුක’ යනුවෙන් දෙයක් නැද්ද? ඒ අයට ප්‍රේමය නැද්ද? හැඟීම් නැද්ද? ඒ මිනිස්සු ළඟත් මනුස්සකම් නැද්ද? මගේ අදහස නම් ඒ අය ගාව පවතිනවා ‘ආචාරශිලි මනුස්සකමක්.’ ඔවුන් ළඟ Ethics තියෙනවා. ඔවුන් කුණු බැහැර කරන්නෙ පිළිවෙළට, හොටු හූරන්නෙ පිළිවෙළට, වැසිකිළි යන්නෙ පිළිවෙළකට. ඒ අය සිරිපාදෙ නොයනවග ඇත්ත වෙන්න පුළුවන්. ගියොත් එතන කුණු නොදා එන බව විශ්වාසයි. ඔවුන් සංස්කෘතිකාංගයක් විදියට දළදා පෙරහැර බලන්න යනවා. හැබැයි රටකජු පොතු පාර පුරා හලන්නෙ නැහැ. ‘මනුස්ස’ යන වචනයට අනුව මේ අය ළඟ ‘සංස්කෘතික මනුස්සකමක්’ පවතිනවා. මේ කාරණය ලංකාවේ සාහිත්‍යය තුළ සාකච්ඡා කළේ නැහැ වගේ ම සාකච්ඡා කරන්නෙ නැහැ. මම මෙතෙක් කියවපු සාහිත්‍ය ඇතුළෙ එහෙම දෙයක් දැකල හෝ කියවලා නැහැ. මම එතනදි මේ වගේ ප්‍රශ්නයක් අහනවා. දැන් මේ වම සහ සියලු ම ආගම් පෙනී සිටින්නෙ දුක නැතිකිරීම වෙනුවෙන්නෙ. හොඳයි ඇමරිකන්කාරයට දුක නැද්ද? ඇයි මේ වාමාංශිකයො වගේම සියලුම ආගම් ඒ අයගෙ දුක වෙනුවෙන් පෙනී නොසිටින්නේ? ඇයි ඇමරිකන්කාරයගෙ හෝ එංගලන්තකාරයගෙ දුක දුක නෙවෙයි ද? ඒ නිසා කොළඹ දෙස පරිධියෙන් පිට මිනිස්සු බලන විදිය සහ කොළඹ පරිධිය ඇතුළත ඉන්න මිනිස්සු කියන්නෙ පැහැදිලිව ම දෙවර්ගයක්. ඒ නිසා මම මේ කොළඹ මිනිස්සු ‘ගිනිකූරු මිනිස්සු’ යනුවෙන් හඳුන්වනවා.

ඇයි ඔබ එවැනි වචනයකින් කොළඹ මිනිස්සු හඳුන්වන්නේ?

කොළඹ වෙසෙන සමහර කොට්ඨාස තවමත් විමුක්තිය හොයනවා. මේ මිනිස්සුන්ගෙ හිසේ වෙඩිබෙහෙත් ගුළියක් තියෙනවා. ඒ වෙඩිබෙහෙත් ගුළිය කොයි මොහොතක පත්තු වේවිද දන්නෙ නැහැ. පුස්තකාලවලට යනවා, සම්මන්ත්‍රණවලට යනවා, පොත් කියවනවා, ඒ සියල්ල කරමින් විමුක්තිය හොයනවා. හොයල හොයල අර හීනෙ දිහා බලාගෙන මැරිල යනවා.

ඔබ මේ කියන්නෙ අර සත්මහල් ප්‍රාසාදවල ඉන්න මිනිස්සු ගැනද එහෙම නැතිනම් මධ්‍ය.ම පාන්තිකයො ගැනද?

මේකට විශේෂයෙන් ම අයත්වෙන්නෙ මධ්ය‍ම පාන්තිකයො. අඩි හයක් උස මිනිහා විශාල එපාර්ට්මන්ට් දිහා බලාගෙන පයින් යනවා. මේ මිනිස්සු අනවශ්‍ය එඩිතරකම් සහිත මිනිස්සු.

අනවශ්‍ය එඩිතරකම්…? මොනවද මේ අනවශ්‍ය එඩිතරකම් කියන්නෙ?

අනවශ්‍ය එඩිතරකම් විදියට මම හඳුන්වන්නෙ… ඔය හිටි හිටි ගමන් කොළඹට පයින් ඇවිල්ල බැරියර් පෙරළන සහ වුවමනාවෙන්ම කඳුළු ගැස් කන පිරිසක් ඉන්නවානේ. අන්න ඒ අයගෙ ගොන්පාර්ට්වලට. මේ අනුව මට නම් කොළඹ කියන්නෙ රට්ටු නොරටුන්ගේ ලිසිං බිම්කඩක්. මේ අය මේක ‘මාතෘ භූමිය’ යනුවෙන් හඳුන්වනවා; භූමි පුත්‍ර උරුමක්කාරයෝ විදියට හැසිරෙනවා. මම අර කලින් සඳහන් කළ ඔළුවෙ වෙඩිබෙහෙත් සහිත භූමි පුත්‍ර උරුමක්කාරයෝ සියලු දෙනා ම අනවශ්‍ය එඩිතරකම් සහිතයි. මේ අය මේ අනවශ්යව එඩිතරකම්වලින් මැරෙන්න අවස්ථාවක් හොයනවා; විරයො වෙන්න අවස්ථාවක් හොයනවා. එහෙම මැරෙන්න කලින් කවි ලියල තිබුණා නම් ඔහු හෝ ඇය ‘විප්ලවිය කවියෙක්’ හෝ ‘විප්ලවීය කිවිඳියක්’ විදියට ‍බෞතිස්ම කරනවා. පාලකයාට තමන්ගේ බලය තව තවත් තර කරගන්න උදව් කරන්නේ මෙන්න මේ පිරිස. මම ‘නිර්වාණ’ කෘතිය තුළ සාකච්ඡා කරන්නෙ මේ කොළඹ වෙසෙන මධ්‍යමපාන්තික සහ ඉහළ මධ්යනමපාන්තික මනුෂ්යය ජිවිත කිහිපයක් පිළිබඳව යි. ඒකට මම ‘සිනෙ නොවෙලාව’ යනුවෙන් නමක් යෙදුවා.

මොකක්ද ‘සිනෙ නොවෙලාව’ යනුවෙන් හඳුන්වන්නෙ?

ඒක මම මේ විදියට විග්‍රහ කරන්නම්. මේ නම මම යොදන්නෙ මේ කෘතියේ ආකෘතික ස්වභාවයට. මේක අලුත් වචනයක්. අපිට සාහිත්යයය කියවන්න පුරුදු කරපු විදියක් තියෙනවා. පැතලි චරිත, කළු සුදු චරිත, රවුම් චරිත, සංකීර්ණ චරිත, චිත්යදභ්යවන්තරික ගැටුම් සහිත චරිත පිළිබඳ සාකච්ඡා කර තිබිය යුතුයි. ඒ පිළිබඳව විවරණය කරල තිබිය යුතුයි යනුවෙන් න්යාදයක් හදල තියෙනවා. තවම කියවන්නෙත් ඒ තියරියට අනුවම යි. අපිට කවදාවත් උගන්වලා නැහැ සාහිත්යදයේ සමීප රුප කියවන්න. ක්ලෝස්අප් කියවන්න. සූම් ලෙන්ස් එකකින් දකින විදිය කියවන්න. එහෙමත් නැතිනම් වර්ණ කියවන්න. ඒ නිසා මම මේ කෘතියට පාවිච්චි කළා සිනමා කෘතියක් නරඹද්දි අපිට දැනෙන හැඟිම් කෘතිය තුළ ඉදිරිපත් කරන්න. ඒක හරියට අකිර කුරසාවා එයාගේ ‘රෂෝමාන්’ සිනමා නිර්මාණයේ මිනීමැරුම එක් එක් පුද්ගලයාගේ කෝණයෙන් එක් එක් ආකාරයට බලනවා වගේ.

කෘතියේ නමට සාපේක්ෂව ගත්තොත් අන්තර්ගතය පරස්පරයි. එහෙමද?

ඔවු… ඇත්තට ම පරස්පරයි. පරස්පරය ලස්සනයි. ඒ පරස්පරය මම මේ කෘතිය ඇතුළෙ ඉතා මැනවින් පාවිච්චි කළා.


- ජයසිරි අලවත්ත -
මුලාශ්‍රය - සත් හඩ පුවත්පත






Reactions:

0 comments:

Post a Comment