xmlns:og='http://ogp.me/ns#' ‘‘ අපි දෙන්නා හරිම කැමැත්තෙන් ඉන්නේ දරුවෙක් ලැබුණොත් හරිම සතුටුයි “ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Sunday, September 17, 2017

‘‘ අපි දෙන්නා හරිම කැමැත්තෙන් ඉන්නේ දරුවෙක් ලැබුණොත් හරිම සතුටුයි “




ඉරිදා පුවත්පතක් සමග කතා බහට එක්වුනු වික්ටර් රත්නායකගේ බිරිද හෂිනි ඔවුන්ගේ විවාහයට වයස ප්‍රශ්නයක් නොමැතිද ඇසු විට ඊට පිලිතුරු දී තිබුනේ මෙලෙසයි.

" මට හිතෙන්නේ මට වඩා අවුරුදු 3කින් වැඩිමල් මනුස්සයෙක් එක්ක ඉන්නවා කියන හැඟීම තමයි. එච්චරට හොඳට එයා මාව තේරුම් අරගන්නවා. අවබෝධ කරගන්නවා. වයස් පරතරය අපට නම් දැනෙන්නේ නෑ. වයස කිසිම තැනකදී අපට නම් ගැටලුවක් වුණේ නෑ. මොකද වික්ටර් දැන් තරුණයෙක් වගේ තමයි. ඒ නිසා වයස ගැන මතක් වෙන්නෙවත් නෑ. ආදරය, ප්‍රේමයේදී වගේම ලිංගිකත්වයේදීත් ඔහු මට තරුණයෙක් වගෙයි කියලයි දැනෙන්නේ "  

විවාහයට පෙර ‘‘ලිවිං ටු ගෙදර්’’ ලෙස එක්ව සිටි අයුරු පවසා තිබුනේ මෙලෙසයි.

‘විවාහ වෙන්න අදහස ආවේ බොහොම පස්සේ. අපේ සම්බන්ධය හරිම ශක්තිමත්. විවාහය කියන්නේ එක කොන්දේසියක් මත පමණයි කියන සංකල්පයේ තමයි අපි දෙන්නම හිටියේ. නමුත් අර විවිධ විවිධ ප්‍රශ්න සමාජයෙන්, වික්ටර්ගේ ඥාතීන්ගෙන් එල්ලවීමෙන් පස්සේ අපි තීරණය කළා විවාහ වෙන්න. අපි දෙන්නාම කැමැත්තෙන් තමයි විවාහ වුණේ. එතකම් අපි ‘‘ලිවිං ටු ගෙදර්’’ ලෙස තමයි ජීවත් වුණේ’. 

එල්ලවුනු චෝදනා ගැනත් මෙහෙම කියලා තිබුනා..

දෙපැත්තට වැනෙන විදිහේ තීරණයක් නොවෙයි මම ගත්තේ. මහත්තයාත් එහෙමයි. විවාහයට කලිනුත් අපි කාලයක් තිස්සේ සමීපව ඇසුරු කළා. ඉතින් මගේ තීරණය ගැන අදටත් මට තියෙන්නේ ලොකු සතුටක්. 

ඒ වගේම දරුවෙක් ලැබුනොත් එය සතුටින් බාර ගන්න බවත් පවසා තිබුනා.



" එහෙම දෙයක් ලැබුණොත් ඉතා සතුටින් භාරගන්නවා. මම හිතන්නේ වික්ටර් වුණත් එහෙමයි. අපි දෙන්නා හරිම කැමැත්තෙන් ඉන්නේ, දරුවෙක් ලැබුණොත් හරිම සතුටින්, වාසනාවන්තව අපි භාරගන්නේ රටක් රාජ්‍යයක් ලැබුණා හා සමානවයි. ඒක කාලයට ඉඩදීලයි අපි දෙන්නා ඉන්නේ "



Reactions:

0 comments:

Post a Comment