xmlns:og='http://ogp.me/ns#' සිය දිවි නසා ගන්නවා කියලා කෝල් කරපු දසුන්ව බල්නන ගියහම ගෙල වැලලාගෙන ඉන්නවා මුලින්ම දැකලා තියෙන්නේ ශලනි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Saturday, October 7, 2017

සිය දිවි නසා ගන්නවා කියලා කෝල් කරපු දසුන්ව බල්නන ගියහම ගෙල වැලලාගෙන ඉන්නවා මුලින්ම දැකලා තියෙන්නේ ශලනි











දසුන්ගේ සියදිවි හානිකර ගැනීම ගැන විවිධ පුවත් මැවෙද්දි දිවයින පුවත්පත වාර්තා කර තිබුනු සැගවුනු තොරතුරුයි මේ..

දසුන් ගෙල වැලලා ගෙන මියගිය දින ශලනි තාරුකා සිටියේ පන්නිපිටිය ප්‍රදේශයේය. ඒ ටෙලි නාට්‍යයක රූගත කිරීම්වලට සහභාගි වෙමින්ය. දසුන්ද එය දැන සිටියේය. 

ගෙල වැලලා ගැනීමට පැය කිහිපයකට පෙර සිට ඔහු ශලනි තාරුකාට දිගින් දිගටම දුරකථන ඇමතුම් ලබා ගත්තේය. එහෙත් කාර්ය බහුල සිටි ඇය ඒ කිසිදු ඇමතුමකට ඇය පිළිතුරු නොදුන්නාය. 

ශලනි ගැන උමතු ආදරයකින් සහ දැඩි මානසික පීඩනයකින් සිටි දසුන් උත්සාහය අත්හැරියේ නැත. ඇයගේ ජංගම දුරකථනයට දිගින් දිගටම ඇමතුම් ලබා ගත්තේය. අවසානයේ දසුන්ගෙන් ගැලවුමක්‌ නොමැති බව දැනගත් ශලනි ඔහුගේ දුරකථන ඇමතුමට පිළිතුරු ලබා දුන්නාය. 

එහිදී දැන ගන්නට ලැබෙන තොරතුරුවලට අනුව පළමුව දසුන්, ශලනි තාරකාට පවසා ඇත්තේ "තමන්ව අතහැර දමා නොයන ලෙසත්, ඉක්‌මනින්ම දික්‌කසාදය ලබා ගන්නා බවත්ය."

ශලනි තාරකා ඒ වන විටත් එම ආදර සම්බන්ධතාව නවතා දමා ඇති බැවින් ඇය පවසා ඇත්තේ පසුගිය දේවල්වලින් වැඩක්‌ නැහැ. ඔයා දැන් හොඳින් ඉන්න" කියාය. 

දසුන් එම පිළිතුරෙන් සෑහීමකට පත්වී නොමැත. ඔහු ඉතා හැඟුම්බරව යළි ශලනි තාරකාට පවසා ඇත්තේ "මට ඔයාව මැරෙනකම් ම අමතක කරන්න බැහැ. මම බැඳපු බව ඇත්ත. ඒත් මම හදවතින්ම ආදරේ කළේ ඔයාට. ඔයා වෙනුවෙන් මම මේ ලෝකෙම එක්‌ක වුණත් සටන් කරනවා..." මුලින්ම මම බැඳලා කියලා කිව්වනම් ඔයා මට කැමැති වෙන්නේ නැහැ. ඒකයි මම ඒක ඔයාට හැංගුවේ. මට ඕන වුණේ කොහොම හරි ඔයාගේ ආදරේ ලබා ගන්න. දැන් මගේ මුළු ජීවිතේම ඔයා විතරයි. මට ඔයා නැතිව එක මොහොතක්‌වත් ඉන්න බැහැ. මගේ පපුවෙ තියෙන වේදනාව දන්නේ මම විතරයි. කවුරු මොනවා කීවත් මට වැඩක්‌ නැහැ. මම ඔයාට හදවතින්ම ආදරෙයි. මාව කිසි දිනක දාලා යන්න හිතන්න එපා. මට ඒ දුක දරාගන්න බැහැ... එලෙස තම සිතේ තිබුණ ආදරය සහ විරහ වේදනාව දසුන් ශලනිට පවසන්නට ඇත.

ශලනි යළිත් පැවසුවේ "දැන් ඒ පරණ කතාවලින් වැඩක්‌ නැහැ. මම හිත හදාගෙන ඉන්නෙ. ඔයත් හිත හදාගෙන හොඳින් ඉන්න" කියාය.

ශලනිගේ එම වචන දසුන්ට දරා ගැනීමට නොහැකි විය. ඔහු දිගින් දිගටම කල්පනා කළේය. ශලනිගෙන් තොර ලෝකයක්‌ ගැන ඔහුට සිතීමටවත් නොහැකි විය. ශලනිගේ ආදරය යළි හිමි නොවුණොත් අනිවාර්යෙන්ම ජීවිතය නැති කරගැනීමට ඔහු තීරණය කරන්නට ඇති. 

දසුන් යළි ශලනිට පැවසුවේ "ඔයා අද මාව බලන්න නාවොත් එල්ලිලා මැරිලා ජීවිතය නැති කර ගන්නවා කියාය. ඔහු කිහිප වරක්‌ම එය ශලනිට පැවසුවේය. දසුන් මේ දිනවල ඉන්නේ ලොකු අවුලකින් බවද ඇය දැන සිටියාය. එම නිසා තම පරණ පෙම්වතා මුණගැසී යථාර්ථය තේරුම් කරදීමට ඇය සිතා ගත්තාය. මම එන්නම් ඔයාව බලලා යන්න. හැබැයි විකාර වැඩ කරන්න එපා. මම කියන දේ අහලා හොඳින් ඉන්න..." ඇය පැවසුවාය. 

පන්නිපිටියේ තමා නැවතී සිටින කුලී නිවස වෙත ශලනි එන බව දැනගත් පසු දසුන් තරමක්‌ සතුටු වුණේය. ඔහුට වුවමනා වූයේ ආදරය වෙනුවෙන් තමා දිවිනසා ගන්නා බව බොරුවට හෝ පෙන්වා යළි ශලනිගේ ආදරය ලබා ගැනීමටය. පැය ගණනක්‌ බලා සිටියේය. ශලනි පැමිණියේ නැත. ඔහුගේ සිත තවත් අවුල් විය. ශලනි තමා බැලීමට නොපැමිණියහොත් අනිවාර්යෙන්ම දිවි නසා ගන්නා බවට මානසිකව අවුල් වී සිටි ඔහු තීරණය කළේය.

ශලනි පැමිණි පසු දිවි නසා ගැනීමට උත්සාහ කළ බව පෙන්වීමට අවශ්‍ය වටපිටාවද ඔහු විසින් සකසා ගත්තේය. යළි දිගින් දිගටම ඇමතුම් ලබා ගත්තත් ශලනි පිළිතුරු ලබා නොදුන්නාය.

දසුන් සමඟ එම නිවසේ තවත් නළුවන් දෙදෙනකු නතරවී සිටියේය. එම එක්‌ නළුවෙක්‌ ගෘහභාණ්‌ඩ විකුණන ආයතනයකින් මේසයක්‌ ඇණවුම් කර තිබුණි. එම ආයතනයේ පිරිසක්‌ එදිනම මේසය 

රැගෙන දසුන්ලා පදිංචි නිවස වෙත පැමිණියහ. දොර ජනෙල් වසා ඇති නිසා ඔවුහු කිහිපවරක්‌ ඉදිරිපස දොරට තට්‌ටු කළේය. 

නිවස ඇතුළේ සිටි දසුන් සිතුවේ ශලනි පැමිණ ඇති බවයි. ඔහු බොරුවට එල්ලී මැරීමට සූදානම් විය. ඒ සඳහා අවශ්‍ය සියලු දේ ඔහු පෙර සිටම සූදානම් කර තිබුණි. පැමිණියේ ශලනිද යන්න සැක හැර දැන ගැනීම සඳහා දසුන් හොර රහසේම ජනේලයකින් එබිකම් කළේය. 

පුදුමයකි. පැමිණ සිටියේ ශලනි නොව වෙනත් පිරිසකි. ඔහු නිශ්ශබ්දව සිටියේය. එම පිරිස සුළු මොහොතක්‌ එම ස්‌ථානයේ රැඳී සිට ආපහු ගියහ. බලාපොරොත්තු සුන්වූ දසුන් තවත් අසරණ විය. සිතේ තිබුණ කේන්තියට නිවසේ තිබූ බඩුමුට්‌ටු පොළවේ ගසා කුඩු පට්‌ටම් කළේය. 

ශලනි කිසි දිනක යළි තමාව බලන්න නොඑතැයි ඔහුට සිතෙන්නට ඇති. ඇය ගැන උමතු ආදරයකින් සිටි ඔහුට ජීවිතයම එපා විය. තවත් ජීවත් වන්නේ කවුරු වෙනුවෙන්ද යන්න ඔහු සිතුවේය. එම නිසා දැඩි විරහ වේදනාවකින් සහ මානසික පීඩනයකින් සිටි ඔහු ගෙල වැලලාගෙන සියදිවි නසා ගත්තේය. 

මේ කිසිවක්‌ නොදත් ශලනි තම පරණ පෙම්වතා නැවතී සිටින කුලී නිවස වෙත පැමිණියාය. ඒ වචන කිහිපයක්‌ කතා කර ඔහුගේ සිත සැනසීමටයි. දුර තියාම නිවසේ සියලුම දොර ජනේල වසා ඇති බව ඇය දුටුවාය. එහෙත් දසුන් නිවස තුළ සිටින බව පවසා තිබුණ හෙයින් ඇය නිවස තුළට එබිකම් කළාය. එක්‌වරම දුටු දෙයින් ඇය මහත් සේ බියට පත්වූවාය. සිරුර වෙව්ලන්නට පටන් ගත්තේය. ඉහළට ගත් හුස්‌ම පොද පහළ හෙළීමට අමතක විය. 

 තත්ත්පර කිහිපයකට පසු දසුන් ගෙල වැලලාගෙන ඇති බව ඇයට අවබෝධ වන්නට ඇත. වහාම එතැනින් පැනගත් ඇය එම ප්‍රදේශයේම ටෙලි නාට්‍ය රූගත කළ ස්‌ථානයට පැමිණියාය. ඒ වන විට එම ස්‌ථානයේ ජනප්‍රිය නළුවන් දෙදෙනකු සිටියහ. ඒ කාවිංග පෙරේරා සහ රවීන්ද්‍රයි. එම දෙදෙනා ශලනිගේ හොඳම යහළුවන් වූහ. බියෙන් වෙව්ලමින් සිටි ශලනි එම නළුවන් දෙදෙනාට තමා දුටු දෙය ගැන පවසන්නට ඇති. එය අසා ඔවුන්ද අන්දමන්ද විය. පසුව ඇයගේ සිත සැනසූ ඔවුන් දෙදෙනා වහාම දසුන් පදිංචිව සිටි කුලී නිවස වෙත පැමිණියාහ. ඒ වන විට දසුන් සමඟ එම නිවසේ පදිංචි වී සිටි තවත් නළුවකු පැමිණ තිබූ අතර ඔහු එම සිද්ධිය පොලිසියටද දන්වා තිබුණි.

ඒ අයුරින් අපට අනාවරණය වූ තොරතුරුවලට අනුව දසුන් ගෙල වැලලාගෙන සිටින අයුරු මුලින්ම දැක ඇත්තේ ඇයගේ පරණ පෙම්වතිය වූ ශලනි තාරකාය. එහෙත් එම සිද්ධිය පිළිබඳ විමසා බැලීමට ශලනි තාරකාගේ 0777---- දරන ජංගම දුරකථන අංකයට අපි කිහිප වරක්‌ම ඇමතුම් ලබා ගත්තද ඇය එයට ප්‍රතිචාර නොදැක්‌වූවාය.

අවසානයේ ශලනි තාරකාගේ හොඳම යහළුවකු වන ජනප්‍රිය නළු කාවිංග පෙරේරාට දුරකථන ඇමතුමක්‌ ලබාදී අපගේ අවශ්‍යතාව පැවසුවේය. එවිට ඔහු පැවසුවේ ශලනිගෙන් විමසා පිළිතුරක්‌ ලබාදෙන බවයි. එහෙත් ඔහුගෙන්ද පිළිතුරක්‌ නොලැබුණි. ඉන්පසු කිහිප වරක්‌ අපි ඔහුගේ ජංගම දුරකථනයටද ඇමතුම් ලබා ගත්තෙමු. ඔහුද කිසිදු ප්‍රතිචාරයක්‌ දැක්‌වූයේ නැත.


- ගයාන් සමරසිංහ -
මුලාශ්‍රය – දිවයින


Reactions:

0 comments:

Post a Comment